නාටිකාංගනාවන් පරාදයි

317 71 12
                                    

එහෙත් ඇය එසේ සිතමින් නින්දට වැටුනත් එසේ වුණේ නම් නැහැ. ඇයට හවස් වනතුරුම නින්ද ගියා. කුමරුන් ඇය එනතුරු මාන බලමින් සිටින වග නම් ඇය දැනන් හිටියේ නම් නැහැ. කුමරුන්ගේ ඉවසීම ඉක්ම වූවා.

කුමරුන් සේවිකාවක් කැඳවා.

කුමරුන්:කොහෙද දොං ජී ?

සේවිකාව:ඇය ඇගේ කුටියට ගිය පසු පිටතට පැමිණියේ නැහැ.

කුමරුන්:එසේද?

සේවිකාව:එහෙමයි කුමරුනි.

කුමරුන් මඳක් කල්පනා කර, දොං ජී සිටින කුටිය වෙතට ගමන් කර සිටියා.
සේවිකාවක් ඇය සිටින කුටියේ දොර විවර කර ඇයව ඇහැරවීමට සැරසෙද්දීම,
කුමරුන් ඇය නිදා සිටින වග දුටුවා. එම දසුනෙන් කුමරුන්ගේ කෝප ගත් සිත නිවී ගියා. කුමරුන් ඇයට බාධා නොකර පිටව යන ලෙස සේවිකාවට අතින් සංඥා කරා. සේවිකාව පිටව ගිය පසු දොං ජීගේ කුටියේ දොර වැසූ කුමරුන් කෙමෙන් කෙමෙන් දොං ජීගේ ඇඳ අසලට ගොස් ඇඳ මත වාඩි වුණා.

සඳක්මෙන් වටකුරු කුඩා මුහුණට වැටී ඇති නලරැළි සමඟ දඟ කරන සිනිඳු කෙහෙරැලි අතරින් පෙනෙන නා දළු දෙතොල් කුමරුන්ගේ සිත මන්මත් කිරීමට සමත් වුණා. කුමරුන්ගේ අත නොදැනීම ඇගේ දෙතොල් දෙසට ගමන් කරා. කුමරුන් සිනිඳුවට ඇගේ සියුමැලි දෙතොල් පිරිමැද්දා.

ඇය නිදාගෙන සියදී ඇයට සිහිනෙන් මෙන් දැනුනා කවුරුන් හෝ තමන් අසල සිටින වග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇය නිදාගෙන සියදී ඇයට සිහිනෙන් මෙන් දැනුනා කවුරුන් හෝ තමන් අසල සිටින වග. ඇයට දැනුනා කවුරුන් හෝ තමන්ගේ දෙතොල් පිරිමදින බව. ඇය නෙත් හැර බලන විට දුටු දසුනින් ඇයව තිගැස්සී ගියා.
ඇය සැනකින් සයනයෙන් නැගිට බිමට බැසීමට සැරසෙද්දීම කුමරුන්ගේ කකුල පෑගී වැටෙන්නට ගියා. කුමරුන් ක්ෂණිකයෙන් ඇයගේ බඳ වටා අත යවා ඇයට වැටෙන්නට නොදී, ඇයව තමා දෙසට ඇඳ ගත්තා. ඇය කුමරුන්ගේ උකුළ මත ඉන්ඳ වුණා. ඇගේ එක් අතක් කුමරුන්ගේ ගෙල වටා ගොස් තිබුණා. ඇයගේ අනිත් අතේ වැලමිටෙන් කුමරුන් ඇයට වැටෙන්නට නොදී අල්ලාගෙන සිටියා. ඇයත් එසේම කුමරුන්ගේ වැලමිටෙන් අල්ලා සිටියා. නිමේෂයකට ඔවුන් ඔවුන්ගේ නෙත් අතර අතරමං වූවා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now