පරිච්ඡේදය 3

152 50 4
                                    

අරුණලු අලස මල් පොහොට්ටු මතට වැටී උදෑසනම අවදි කරනවා සේම මල් වල සුවඳ රැගෙන අවරගිරෙන් බැස යන හිරු ඒ පිපුණු මල්ම හවසට එකින් එක බිමට හලමින් අපේ ජීවිතයේ අනිත්‍යතාවය ලස්සනට කියා දෙනවා.

මේ වන විට ජී සන් අධිරාජ්‍යයා රාජ්‍යට පැමිණ සිටියා. එක්වරම කඩා බිඳගෙන ජී සන් රජුගේ කුටියට පැමිණයේ කිම් චන් කුමරු.

 එක්වරම කඩා බිඳගෙන ජී සන් රජුගේ කුටියට පැමිණයේ කිම් චන් කුමරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් චන්:(කඳුළු පිරි නෙතින්) පියාණෙනි මෑණියන්ට අසාද්‍යයි.

ජී සන්:හොඳයි මා පැමිණෙන්නම්. ඔබ පිටව යන්න.

කිම් චන් කුමරුට වැටහුණා තම පියාණන් තමා කී කාරණය ගැන කිසිම සැලකිල්ලක් නොදක් වූ වග.

ඔහුට යම් දෙයක් තේරුම් ගත හැකි වයසේ සිටම තම පියාණන් තම මවට දක්වන සැලකිල්ල ගැන ඔහු කනස්සලු සහගතව සිටියා. ඒ පිළිබඳව තම මෑණියන්ගෙන් හා පියාණන්ගෙන් විමසා සිටියත් ඔවුන් ඔහුව සෑම විටම එම ප්‍රශ්නය නගන විට මඟහැරියා.

එතැන තවත් රැඳීමෙන් පලක් නැති නිසා ඔහු තම මෑණියන් අසලට ගියා.

ඔහු එතැනට යන විට ඔහුගේ මෑණියන් හුස්ම ගැනීමේ අපහසුවෙන් පසු වූවා.

කිම් චන්:(ඇයගේ අත අරන් තමාගේ මුහුණ ස්පර්ශ කරමින්) මැණියනි.

අධිරැජිණිය:(අපහසුවෙන් සිනාසෙමින්) පුතණුවෙනි ඇයි මේ? (ඔහුගේ කඳුළු පිසලමින්) මා හැරයන්නේ නැහැ. ඔබත් සමඟ සැමදාම සිටිනවා. ඔබේ හදවතට වී.

කිම් චන්:(හඬමින්)මෑණියනි.

අධිරැජිණියට තමා මෙලොව අත් හැර යන්නට වෙලාව බොහෝ සේ ලංව ඇති බව දැනුනා. ඇය ඔහුගේ උරහිසින් තදින් අල්ලා ගත්තා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now