ඇහැරීම

372 79 4
                                    

තණ අඟ දිව යන සුදු හා පැටියෙකු සේ ඇය දිව ගියේ කුමාර මාළිඟය අසල ඇති පොකුණේ නෙළුම් මල් පිපී ඇතිදැයි බැලීමට. වෙනදා මෙන්ම පොකුණ සුදු සහ රෝස පැහැති නෙළුම් මල් වලින් පොකුණ සැරසී තිබුණා. ඇයගේ මුහුණ සුදු නෙළුම් මලක පෙති එකින් එක දිග හැරෙන්නාක් සේ සිනාවෙන් පිරී ගියා. ඇය නෙළුම් මලක් නෙලීමට පහත් වෙත්ම නොසිතූ ලෙස ඇයව ලිස්සා පොකුණට වැටුණා. එතනින් යන කුමරුන් එය දුටුවා. එම මොහොතෙම ඇයව වහාම රැගෙන එන ලෙස තම සෙබළුන්ට කුමරුන් අණ කරා. කුමරුන්ගේ අණ පරිදි සෙබළුන් ඇයව පොකුණෙන් ගොඩට ගෙන රැගෙන ආවා. සුදු පැහැති අැඳුම විනිවිද පෙනෙන ලෙස තෙමී තිබීම නිසා ඇයට අමුතුම සුන්දරත්වයක් හා සරාගී බවක් එක් වී තිබුණා. කුමරුන් කෝපයෙන් ඇයව රැගෙන එන ලෙස සෙබළුන්ට අණ කරත්, ඇයගේ ඒ අමුතුම සුඳරත්වයට කුමරුන් මොහොතින් වශීවී කෝපයත් අමතක වූවා. මද වෙලාවක් උඩ සිට යටට හා යට සිට උඩට සූක්ෂමව නිරීක්ෂණය කරමින් ඇගේ නුරාගික බව රසවිඳි කුමරුන්, ඇයට පිටව යන ලෙස අණ කරේ යටි අරමුණක් හිත යට සඟවා ගනිමින්. ඇයට ඒ බව නොදැනුණේ ඒ මොහොතෙහි ඇය බිමට හිස නමාගෙන භියෙන් තැතිගෙන සිටිය නිසා.

ඇයට කුමරුන් කිසිවක් නොකියා පිටව යන ලෙස පැවසූ පසු ඇය පුදුමයටපත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයට කුමරුන් කිසිවක් නොකියා පිටව යන ලෙස පැවසූ පසු ඇය පුදුමයටපත් වුණා. ඇයගේ මෙම ක්‍රියාවට කුමරුන් කෝප නොගැනීම ගැන. කිමද වෛද්‍ය විද්‍යලය භාර ප්‍රධාන වෙදැදුරු යී සොන් තුමාගේ වැඩිමහල් කුමරු යී ඉන් කුඩා දේටත් කෝපගන්න කෙනෙකු ලෙස මුළු වෛද්‍ය විද්‍යාලයම දන්න කරුණක්. ඇගේ සිතට එය සහනයක් ගෙන දුන්නා. නමුත් ඇය දැනන් සිටියේ නැහැ කුමරුන්ට යටි අරමුණක් ඇති බව.

ගිනි පැහැති අරුණළු ඈත කඳු කොනින් විහිදා තවත් දවසක උදාව සනිටුහන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගිනි පැහැති අරුණළු ඈත කඳු කොනින් විහිදා තවත් දවසක උදාව සනිටුහන් කරා. වෙනදා මෙන්ම කඳුකරයට ජී මී සේවිකාව ඇතුළු අනිත් සේවිකාවන් සමඟ පුංචි දොං ජී් බෙහෙත් සොයා යෑමට සැරසෙද්දී කුමාර මාළිගයෙන් පණිවිඩයක් රැගෙන සෙබෙළෙක් පැමිණියා. එහි සඳහන්ව තිබුණේ කුමාර මාළිගයේ සේවිකාවක් ලෙස දොං ජීව පත් කර ඇති බවයි. ඇයට හා සේවිකාවන්ට එම පණිවිඩය අදහාගත නොහැකි වුණා. කිමද කුමාර මාළිඟයට පත් කරන සේවිකාවන් ප්‍රධාන වෙදැදුරුගේ අනුදැනුම ඇතිව පත් කරනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයකින්. කිමද කුමරුන් කුඩා දේටත් කෝප ගන්නා තැනැත්තෙකු නිසා. ඒ කුකුස නිසා ජී මී සේවිකාව පණිවිඩය ගෙනා සෙබළාගෙන් විමසීමක් කරා කවුරුන්ද ඇයව පත්කරේ කියා. එවිට සෙබළා පිළිතුරු දුන්නේ කුමරුන් විසින්ම ඇය පත් කර ඇති බව. කුමරුන්ගේ අණක් නිසා එය ප්‍රතික්ෂේප කිරීමට බිය වූ නිසාත් ඔවුන් ඇයව කුමාර මාළිගයේ සේවිකාවක් විදිහට යැවීමට එකඟ වුණා. ජී මී සේවිකාව ඇතුළු සියළුම සෙවිකාවන් ඇයට කුමාර මාළිගයේ නීතිරීති, හැසිරිය යුතු විදිහ, කතා කරයුතු විදිහ, කලයුතු දේ හා නොකර යුතු දේ ගැන වැරැද්දක් වුණොත් දෙන දඬුවම් ආදී නොයෙකුත් දේ ගැන ඇයට කියා දුන්නා. ඔවුන් ඇයව පිටත් කිරීම වේදනාවක් වුණත් ඔවුන්ට කිරීමට කිසිවක් තිබුණේ නැහැ. එසේ පිටත් කරත් ඊළඟට වෙන දේ ගැන ඔවුන් කිසිවක්ම නොදැන සිටියා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now