පළමු හාදුවේ හිමිකාරිය

267 62 45
                                    

වැසිබර අහසක වළාකුළු අතර හිරු හැංඟෙමින් එබිකම් කරේ අලුත් දවසක උදාව සනිටුහන් කරමින්.

හරි හැටි නිම නොවූ වහලයේ හිඩැස් අතරින් මලානික මලකට අලෝකය වැටී ඇහැරෙන්නාක් සේ දොං ජී අවදි වූයේ පෙරදා වැටුනු කඳුළු වැල් වල බරට ඉදිමී ඇති ඇස් අපහසුවෙන් විවර කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි හැටි නිම නොවූ වහලයේ හිඩැස් අතරින් මලානික මලකට අලෝකය වැටී ඇහැරෙන්නාක් සේ දොං ජී අවදි වූයේ පෙරදා වැටුනු කඳුළු වැල් වල බරට ඉදිමී ඇති ඇස් අපහසුවෙන් විවර කරමින්.

හරි හැටි නිම නොවූ වහලයේ හිඩැස් අතරින් මලානික මලකට අලෝකය වැටී ඇහැරෙන්නාක් සේ දොං ජී අවදි වූයේ පෙරදා වැටුනු කඳුළු වැල් වල බරට ඉදිමී ඇති ඇස් අපහසුවෙන් විවර කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉන්පසු ඇය මේ ලෝකයට ඒමට මෙන් පෙර දින වූ සියල්ල එකින් එක මතක් කලා. ඉන්පසුව දොරට පහරදුන්නේ කිසිවෙක් තමන්ව බේර ගනීවි යැයි සිතමින්. එවිට කුටියේ සිටි යෙහෙළියන් තිදෙනා හා අනිත් නේවාසිකාගාර ශිෂ්‍යාවන් වෛද්‍ය විද්‍යාලයට පිටව ගොස් තිබුණා. එම නිසා ඇයට සවන්දීමට කිසිවෙකුත් සිටියේ නැහැ. එවිටම ඇයට සියල්ල කැරකෙන ගතියක් දැනුනා.

කිම් චන් කුමරු පැමිණි පසුව මුලින්ම බැලුවේ දොං ජී පැමිණ ඇතිදැයි කියා. ඇයව නොදුටු නිසා අපහසුවෙන් වුණත් කුමරියගෙන් විමසුවත්, ඇයත් දොං ජී නොපැමිණීම ගැන කිසිවක් නොදන්නා බව පැවසූ නිසා, වෛද්‍ය විද්‍යාලය අවසන් වෙන තුරු හිඳ ඇය ගැන මියුං හන්ගෙන් විමසුවා. ඔහුත් ඇය ගැන නොදන්නා බව පැවසූවා. එවිටම කිම් චන් කුමරු දුටුවා යී සැන් හා ඇයගේ යෙහෙළියන් එකිනෙකාට යමක් පවසමින් හිනා වෙමින් නේවාසිකාගාරය දෙසට යන අයුරු. කිම් චන් කුමරුට ඔවුන් ගැන සැකයක් ඇති වුණා. කිමද පෙර දින ඔවුන් සමඟ දොං ජීව එකම කුටියට දැමූ බව කුමරුන් දැනන් සිටියා. එහෙත් ශිෂ්‍යන්ට ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයට යෑම තහනම් වූවා. කිම් චන් කුමරුන් කෙසේද ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුලට ගොස් දොං ජී සිටින්නේ දැයි පිරිස්සන්නේ කියා සිතමින් සිටියදී එතනින් කුමරිය යනු දුටුවා. එසැනින්ම කුමරියගේ අතින් ඇඳගෙන දුවගෙන කිම් චන් කුමරු ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුලට ගියා. කිම් චන් කුමරු දුටු ශිෂ්‍යාවන් ප්‍රීතියෙන් කෑ ගසන්නට වූවා. කිම් චන් කුමරු පසුපස ඇඳී ආ කුමරියට කිසිවක් සිතා ගත නොහැකිව සිටියා. කිම් චන් කුමරු කුමරියගෙන් විමසුවා දොං ජී නවාතැන් ගන්නා කුටිය පිළිබඳ. එවිට කුමරිය කිම් චන් කුමරු සමඟ ඒ කුටිය වෙත ගියා. එවිට යී සැන් හා අනිත් දෙදෙනා කුටිය ඉදිරි පසට වී තෘෂ්නිම්භූතව බලා සිටියා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now