✨️Chapter 03✨️

2.2K 445 69
                                    

18 days later,

ඔහුගේ පසෙකින් ඇසුනු වාහන නාලා ශබ්ධය නිසා ටේ හ්යොන්ග් හිටි තැනම නැවතිනි. ඔහු සූදානම් වී සිටියේ පාර මාරු වීමටයි. නමුත් ඔහු ඊට සුදානම් වූ අවස්ථාවේදීම ආලෝක සංඥා පුවරුවේ කොළ ආලෝකය දිස් වූ බැවින් වාහන ගමන් කිරීම ඇරඹිණි. යෝධ ට්‍රක් රථයක් ඔහුව පසුකරගෙන ගියේ ආඩම්බර ලීලාවෙනි. ට්‍රක් රථය ඔහු අසළින් ගමන් කරනවාත් සමඟම ඔහුගේ වේගයෙන් ගැසෙන හදවතට ඔහු අත තැබුවේ ඔහුගේ පියා මිය ගියේද මෙවැනි යොධ වාහනයක් නිසා බව සිහි වීමෙනි.

මිනිත්තු කිහිපයකට පසුව ඔහු ප්‍රධාන මාර්ගයෙන් නික්මී ඔහුගේ වෙහෙසට පත්වී තිබූ සිරුර අතුරු පාරක් කරා ඇදගියා. ඔහුගේ එක් අතක් කොළ මිටියක් වටා ලිහිල්ව එතී තිබියදී අනික් අත කලිසම් සාක්කුවේ හොවාගෙන තිබිණි. ඔහුගේ දිනය ගත වූ අයුරු එකින් එක ඔහුගේ මනසට ගලාගෙන ආවේය. ඔහු කුඩා කම්පැනි දෙකකට සහ රෙස්ටුරන්ට් රෙස්ටුරන්ට් එකකට රැකියාව සඳහා අයදුම් කළද කිසිඳු පරීක්ෂණයකින්ද තොරව ඔහුව ප්‍රතික්ෂේප වූයේ අපරාධයක් කොට පලාගිය අයෙකු ලෙස ඔහුගේ නලලේ ගසා ඇත්තාක් මෙනි.

මාර්ගය පසක තිබූ tteokbokki වෙළඳසැලක් නෙත ගැටුණු ටේ හ්යොන්ග් දිගු සුසුමක් හෙලුවා..

මාර්ගය පසක තිබූ tteokbokki වෙළඳසැලක් නෙත ගැටුණු ටේ හ්යොන්ග් දිගු සුසුමක් හෙලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔහු ඔහුගේ සොහොයුරිය වෙනුවෙන් tteokbokki මිළදී ගත් අයුරු ඔහුගේ මතකයට නැගිනි. ඒ ඇයගේ ප්‍රියතම ආහාරයයි. ඔහු කලිසම් සාක්කුවෙන් ඔහුගේ මුදල් පසුම්බිය රැගෙන ඒ තුළට එබී බැලුවා. එහි පැවතියේ වොන් දහයේ නෝට්ටුවක් සහ තවත් කාසි කිහිපයක් පමණි. ඔහු එම මුදල වියදම් කර tteokbokki මිළදී ගතහොත් ඊළඟ දිනයේදී ඔහුට බසයේ ගමන් කිරීමට මුදල් ප්‍රමාණවත් නොවේ. එනිසා නැවතත් සුසුමක් පිටකළ ඔහු නැවතත් පසුම්බිය සාක්කුවේ හොවාගෙන වෙළඳසැලට අවසාන බැල්ම හෙලා එතනින් පිටවී නැවතත් තම නිවස කරා ගමන ඇරඹීය.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now