✨️Chapter 31✨️

1.8K 402 491
                                    

" මම දන්නවා. ඒත් මං එයාව විශ්වාස කළා." ජන්ග්කුක් ඔහුගේ ඇවිලෙමින් තිබූ දෑස් තදින් වසා ගත්තා. Departmental store එකේ manager මේ ගැන යමක් දැනගත හැකි බව ජන්ග්කුක්ට සිතුනා. එනිසාම ඔහු ඉක්මනින්ම ,Manager හට ඇමතුමක් දුන්නා. " Hello, මේ Jundai Cars CEO ජියොන් ජන්ග්කුක්. මගේ secretary අද ඔයාට සල්ලි ගෙව්වද?"

CEO සන්සුන්ව විමසූවා. " ඔව් එයා ඇවිල්ලා වොන් මිලියන 2.6 ත් එක්ක ලිස්ට් එක දීලා ගියා. අපි දැනටමත් වැඩ පටන් ගත්තා. කළබල වෙන්න එපා සර් අපි විසිඑක් වෙනිදාට කලින් vouchers ටික එවන්නම්. Hello sir? Hello."

" Sir, මොකද උනේ?" ජන්ග්කුක්ගේ මුහුණේ තිබූ හැඟීම දුටු Sejin විමසිල්ලෙන් විමසූවා. ජන්ග්කුක් ඇස්පිල්ලම් පවා නොගැසුවා. ඔහුගේ දුරකතනය අල්ලාගෙන සිටි අත වෙව්ලමින් තිබුණා. මොකක්ද මේ සිද්ධ උනේ? " Sir!" Sejin නැවතත් කතා කළා.

ජන්ග්කුක්ට මොහොතකට කතා කර ගැනීමට පවා නොහැකි උනා " මේක ඇත්ත වෙන්න බෑ." ජන්ග්කුක් විදුලි වේගයෙන් ඔහුගේ කාර්යාලයෙන් පිටවී ටේ හ්යොන්ග්ගේ කාර්යාලය දෙසට යද්දි ඔහුට ඔහු එනතුරුම බලා සිටියාක් මෙන් සිටි Daniel හමු විය.

" Sir, ඔයා මෙතන?" Daniel පුදුමයෙන් විමසූවේ හරියට බොස් secretary ගේ කාර්යාලයට යන එක කොරියාවේ තහනම් කළ දෙයක් මෙනි.

ජන්ග්කුක්ට ඔහුව හමුවීම එතරම් සතුටුදායක දෙයක් නොවුණා. " ඔය මොකද මෙතන කරන්නේ Daniel?"

" මං ආවේ secretary kim හම්බෙන්න." Daniel හිස පසුපස අතගාමින් බලා සිටියා. ජන්ග්කුක් ඔහු දෙස දැඩි බැල්මක් හෙලද්දී ඔහු නැවතත් කතා කළා. " අපි ලිෆ්ට් එකේ එද්දි එයාගෙන් මේක වැටුනා." Daniel ඔහුගේ සාක්කුවෙන් මකනයක් සහිත දිගු පෑනක් වැනි යමක් ගත්තා. " මේක pen eraser එකක් sir. එයා මේක මොකට තියන් හිටියද කියලා නම් දන්නෑ."

Sejin සතුවද මෙවැනි තීන්ත මකනයක් තිබුණා. නමුත් එය මේ ආකාරයේ නොවේ. " Wow Daniel ssi, මේක අලුත් වර්ගේ එකක්."

" ඔව්." Daniel ජන්ග්කුක් දෙස බලාගෙන කතා කළා. " මේකෙන් ලස්සනට තීන්ත මකන්න පුළුවන් form වලින් check වලින් එහෙම." ඔහු අවසාන වචනය පැවසූවේ දිව රෝල් කරමිනි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now