✨️Chapter 15✨️

1.9K 420 94
                                    

Kim Taehyung in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung in this Part 🔺

කාමරය තුළ නිදා සිටි තරුණයා සෙමින් නෙත් විවර කළේ කවුලුව අතරින් පෙරී ආ හිරු කිරණ ඔහුගේ රන්වන් පැහැති සම ස්පර්ශ කරනවාත් සමඟයි. ටේ හ්යොන්ග්ගේ මුවට ඉබේම සිනහවක් නැගුනේ පෙර දිනයේ රාත්‍රියේ සිදුවූ සිදුවීම් ඔහුගේ මතකයට නැගෙනවාත් සමඟයි. ඔහු පොරෝනය ඉවත් කොට ඇඟමැලි කැඩුවේ ඔහුට ගෙවාදැමීමට සිදුවන වෙහෙසකර දිනයට සූදානම් වෙමිනි.

ජන්ග්කුක්ගේ මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළ් වීමට පෙර ටේ හ්යොන්ග් නැවත වතාවක් වෙලාව බැලුවා. රාත්‍රියේ ඔහු දුටුවාට වඩා ගෙවත්ත ඉතාමත් අලංකාරවත් එකක් විය. ඔහු එහි යන විට ගෙවතු පාලක මල් පැළ වලට සාත්තු කරමින් සිටියා. හතලිස් වැනි වියෙහි පමණ පසුවන ගෘහ සේවිකාවක් ටේ හ්යොන්ග් හට දොර විවෘත කළා. රාත්‍රියේ පාලු ස්වභාවයක් ගත් නිවස දහවලේ සූර්යයාලෝකයත් සමඟ වඩාත් ප්‍රාණවත් ස්වරූපයක් ගත්තා.

ඔහු නිවස ඇතුළට ඇතුල් වී වටපිටාව නිරීක්ෂණය කළා. එය ඔහු දැක තිබූ අලංකාරවත්ම නිවසයි.

" ඔයා විනාඩි දෙකක් පරක්කුයි."

Jeon Jungkook in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook in this Part 🔺

ටේ හ්යොන්ග් එකවරම හඬ ඇසුණු දෙසට හැරී බැලුවා. ඒ වෙන කවුරුවත් නොවෙයි. ඒ ඔහුයි. කලුක් පිට කකුලක් පටලවාගෙන අත තිබූ පත්තරය වෙත නෙත් යොමුකරගෙන සිටි ඔහු තනි කලුපැහැති ඇඳුමින් සැරසී සිටියා. විශාල ජනේලයෙන් ඇතුළට පැමිණි හිරු එළිය ඔහුගේ හිසකේ අතරින් ගමන් කොට තිබුණේ ඔහුගේ කඩවසම්භාවය තව තවත් ඉස්මතු කරමිනි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now