✨️Chapter 44✨️

1.4K 334 152
                                    

Busan, South Korea

ටේ හ්යොන්ග් නින්දෙන් අවදිවූයේ ශීතල දෑත් දෙකක් ඔහුගේ කම්මුල් වල ස්පර්ශ වනවා දැනෙනවාත් සමඟයි. ඒ ස්පර්ශ ඔහුට ඉතාමත් හුරුපුරුදු එකක්. ඔහු ඔහුගේ දෑත් පෙරෝන‍යෙන් පිටතට ගෙන ඔහුගේ මුහුණ ස්පර්ශ කරමින් සිටි ශීතල අත් ඔහුගේ අත් අතරට ගත්‍තා. "ජන්ග්කුක්! ඔයා කලින් නැගිටලා."

" ඔව්.." ජන්ග්කුක් අලස ලෙස පිළිතුරු දුන්නා. ඔහු සිටියේ ටේ හ්යොන්ග්ගේ ශරීරය මත අර්ධ ලෙස වැතිරී සිටියේ ඔහුගේ කම්මුල් මත ඇඟිලි වලින් රටා අඳිමින්. "ඔයා මං ගැන හීන බල බල ඉද්දි මං පොඩි වැඩ වගයක් කරා."

ටේ හ්යොන්ග් යටිතොළ සපාගෙන සිවිලිම දෙස බැලුවා. " Geez.. කවුද දැන් කිව්වේ මං ඔයා ගැන හීන බැලුවා කියලා?"

ජන්ග්කුක් තවත් ටේ හ්යොන්ග් අසළට කිට්ටු වී ටේ හ්යොන්ග්ගේ නිකටින් අල්ලා ඔහුගේ නෙත් තමා දෙසට යොමු කරවා ගත්තා. "මං දන්නවා. ඔයාට ඔය ලැජ්ජාව මගෙන් හංගන්න දෙයක් නෑ ටේ හ්යොන්ග්. ඔයාට ඔයාගෙ කිසිම දෙයක් මගෙන් හංගන්න ඕන්නෑ."

ටේ හ්යොන්ග් නිහඬව මදක් කල්පනා කරා. "ඒකට ටික කාලයක් ගත වෙයි."

"ඔයාට ඕනි තරම් වෙලා ගන්න. මේක මගෙත් පළවෙනි වතාව." ජන්ග්කුක් පෙරෝනය ඔසවා ඔහුගේ ශීතල පාද පෙරෝනය ඇතුළට දමා ගත්‍තා. උදේ පාන්දර තම පෙම්වතා සමඟ තුරුළු වී නිදාගැනීම ගොඩක් සුවපහසු දෙයක් කියලා ජන්ග්කුක් මීට පෙර අහලා තිබුණා. ඉතින් ඔහු ඒ දෙය ක්‍රියාවට නංවමින් ටේ හ්යොන්ග්ගේ ඉණවටා අත දමා ඔහුව තදින් වැළඳගත්තා. " ඔයා ගොඩක් සිනිදුයි ටේ. මට මේ විදිහට මුළු දවසම උනත් ඔයාව තුරුළු කරගෙන ඉන්න පුළුවන්."

ටේ හ්යොන්ග් ජන්ග්කුක්ගේ අත ඔහුගේ අතට ගෙන එය ඔහුගේ ඉණවටා පටලවා ගත්තා. "I love you."

ජන්ග්කුක් ටේ හ්යොන්ග්ගේ ඉණ වටා ග්‍රහනය තවත් දැඩි කරන ගමන් ඔහුගේ ඇස් දෙස කෙළින් බලාගෙන සෙමින් කතා කළා. "ඔයා මට කොච්චර ආදරෙයිද?"

"මම-" කවි සිතුවිලි බොහෝමයක් ටේ හ්යොන්ග්ගේ සිතට ගලාගෙන ආවත් ඔහුට මේ මොහෙතේ දැනෙන හැඟීම විස්තර කරන්න ඒ කිසිවක් ප්‍රමාණවත් නොවුණා. "මං දන්නෑ ජන්ග්කුක්. මං ඔයාට ආදරෙයි. කියන්න බැරි තරම්."

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now