✨️Chapter 09✨️

2K 429 90
                                    

Namjin in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjin in this Part 🔺

නම්ජූන් සහ ටේ හ්යොන්ග් ප්‍රධාන කාර්යාලයෙන් සේවකයින් හඳුනාගැනීම ඇරඹීය. නම්ජූන් සියල්ලන්ගේම අවධානය ඔවුන් වෙත ගෙන ටේ හ්යොන්ග් ඔවුනට හඳුන්වා දිය. ඇතමුන් ඔහුට සුහදව ආචාර කළත් ඇතමුන් ඔහුට බැල්මක් හෙලා නැවතත් ඔවුගේ රාජකාරී කටයුතු වල නියැලුනි.  කළු හිසකේ තිබූ මහත මිනිසෙක් ටේ හ්යොන්ග්ගේ දුරකතන අංකය ඔවුන්ගේ Gruop chat එකටද එකතු කරගත්තා. ඇතමුන් නොමැති වුවත් ඔහු වටේ සිටි බොහෝමයක් දෙනා ඔහුට සුහදව සැළකීම ටේ හ්යොන්ග්ගේ සිතට සතුටක් ගෙනදුනි.

ටික වේලාවකට පසු නම්ජූන් ටේ හ්යොන්ග්ව ආයතනයේ එක් board director කෙනෙක් වූ කිම් සොක් ජින්ගේ කාර්යාලයට කැඳවාගෙන යන ලදි. එය ජන්ග්කුක්ගේ කාර්යාලය තරම් විශාල එකක් නොවුනි නමුත් එය කුඩා කාර්යාලයක්ද නොවේ. එතුළ තිබූ අලංකාරවත් ගෘහ භාණ්ඩ කාර්යාලයට නිර්මාණාත්මක බවක් ගෙනදී තිබුණි.

" Sir, මේ ඉන්නේ Mr Kim-" නම්ජූන් ටේ හ්යොන්ග්ව ජින් හට හඳුන්වාදීමට සැරසුනත් ජින් නම්ජූන්ව අතරමැද නවතාලීය.

" ටේ හ්යොන්ග් නේද?" ජින් ඔවුන් අසළට පැමිණියා. ඔහු ටේ හ්යොන්ග් ඉදිරියේ සිටගෙන ඔහුට අත දිගු කළා, ටේ හ්යොන්ග් ලැජ්ජාශීලී සිනහවක් සමඟ හිස සොලවා ජින් දිගුකළ අත වෙතට තම අත දිගු කළා. " මං කිව්වනේ නම්ජූන් මට මෙයාව කළින් මුණගැහුණා කියලා. මෙයා තමයි මේ මුළු office එකේම ඉන්න cuteම කෙනා."

ටේ හ්යොන්ග් ඔහුගේ රත්පැහැ ගැනුනු මුහුණ බිමට යොමුකළා. ඔහු හුරතල් අයෙක් බව ඔහු දන්නවා වුවත් මෙතරම් කඩවසම් පුද්ගලයෙකුගේ මුවින් එවැනි දෙයක් ඇසීම ඔහුට විශාල සතුටක් ගෙනදුන් කරුණක් විය. " Thank you Mr.Kim seokjin. ඔයත් ගොඩාක් Handsome."

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now