✨️Chapter 41✨️

3.1K 415 248
                                    

🔞🔞 Warning! Mature content..🔞🔞
⚠️️අදාළ තැනද Mark එකක් දාන්නම් Uncomfortable කෙනෙක් ඉන්නවනම් එතනින් එහාට කියවන්න එපා..

මුළු සන්ද්‍යාවම විවිධ මාතෘකා ඔස්සේ සිදුකළ කතා බස් සමඟින් සන්සුන්ව ගතවිය. Fm radioවේ හැල්මොනිගේ ප්‍රියතම සිංදුවලට ඇහුම්කන් දෙමින් ලූඩෝ ක්‍රීඩා කරමින් ඔවුන් විනෝද වුවා. හැල්මොනි ඇයගේ ජනප්‍රිය ආහාර වූ කිම්චි Fried rice සහ සාම්ප්‍රදායික කොරියානු ආහාර පිළියෙල කොට තිබුණා.

ඔවුන්ගේ අවසාන ආහාරය වූ sweet songyeon ( Korean rice cake ) ආහාරයට ගනිද්දි ජන්ග්කුක්ගේ දුරකතනය එකවරම නාද විය. ඔහු එය අතට ගෙන බැරෑරුම් මුහුණක්ද සමඟ එතනින් පිටව ගියේ ඇමතුමට ප්‍රතිචාර දැක්වීමටයි. ටේ හ්යොන්ග් හැල්මොනි වෙත මද සිනහවක් පා ඔහුගේ කෑම පිඟානය වෙත අවධානය යොමු කරන්න උත්සාහ කළත් ඔහුට එය කළ නොහැකි වූයේ ජන්ග්කුක්ගේ කළබල වුණු මූණ නිසාවෙනි. ජන්ග්කුක්ට ඇමතුම ලබා දුන්නේ කවුරුන්දැයි ඔහු තුළ හටගත්තේ කුතුහලයකි.

" හැල්මොනි, මට ඔයාගේ වැඩපොළ පාවිච්චි කරන්න ඕනි රෑට." ජන්ග්කුක් මිනිත්තු කිහිපයකට පසු පැමිණ හැල්මොනිට පැවසූවේ ඔහු office එකේ සිටින ලෙසම සන්සුන්වයි.

හැල්මොනි ඔහු දෙස කුතුහලයෙන් බැලීය. " ඔයා මොකක්ද රෑ ඒකට වෙලා කරන්න හදන්නේ? කැරපොත්තොත් එක්ක පාටියක් දාන්නවත්ද යන්නේ?" ටේ හ්යොන්ග් හැල්මොනිගේ විහිලුවට සිනහසුනත් ජන්ග්කුක්ට සිනහ පහළ නොවුණි.

"නෑ. මට මැටි භාජන හදන්න පුරුදු වෙන්න ඕනි."

"දැන්?" ටේ හ්යොන්ග් ඔහු අත පැවති chopstick බිම තැබුවා. ඔහුට ජන්ග්කුක් ගැන තවත් වද වූවා.. " ජන්ග්කුක්, ඕනවට වඩා මහන්සි වෙන්න එපා. ඔයාට හෙට උත්සාහ කරන්න පුළුවන්." මැටි භාජන තැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙන බව ටේ හ්යොන්ග් හොඳාකාරවම දැන සිටියා. ජන්ග්කුක්ව වෙහෙස කිරීමට ටේ හ්යොන්ග්ට උවමනා නොවුණා.

නමුත් ජන්ග්කුක් දැනටමත් තීරණයට ඇවිත් අවසානයි. " අනිවාරෙන්ම මට හෙටත් උත්සාහ කරන්න පුළුවන්. ඒත් මට මේ වෙලාව අපතේ යවන්න ඕන්නෑ." ඔහුගේ කටහඬ කෙමින් කෙමින් මෘදු වූවා. "ටේ, ඔයාට මහන්සිනේ.. ඔයා ගිහින් නිදාගන්න. හරිද? හෙට මුණගැහෙමු." ජන්ග්කුක් මහලු කාන්තාවට හිස නමා ආචාර කොට ඇයගේ වැඩපොළට පිටව ගියා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now