✨️Chapter 22✨️

1.8K 428 162
                                    

නමුත් ඒ මොහොතෙම විශාල ශබ්දයක් නගමින් දොර විවෘත උනා. ඒ ඇසුණු ශබ්දය නිසා දෙදෙනාම ගැස්සී ගියත් ඒ පැමිණියේ පොලිස් නිළධාරීන් බව වටහාගත් පසුව දෙදෙනාම එකවර හැකි උපරිමයෙන් ශබ්ද නගා උදව් ඉල්ලා කෑ ගැසීමට ගත්තේ ඔවුන් පෙර සාකච්ඡා කරගෙන තිබූ අයුරින් සිදුවූ දෙය ඇත්තක්ම කියා පෙන්වීමටයි.

මිනිත්තු කිහිපයක් ඇතුළත පොලිසියෙන් ඔවුන් ගලවාගෙන ඔවුන්ව පොලිස් ස්ථානය වෙත ගෙන ගියා. ජින් සහ නම්ජූන් ඔවුන් එනතෙක් පොලිස් ස්ථානයේ රැඳී සිටින ආකාරය දුටු ජන්ග්කුක්ට ඇතිවූයේ සතුටක්. නමුත් ඔවුන් දෙදෙනා මුලු රෑම පොලිස් ස්ථානයේ සිටි බව ඇසීම නිසා ජන්ග්කුක්ට ඔවුන් කළ දේ ගැන පසුතැවීමක් ඇතිවිය. ඔහු ඉක්මනින්ම දෙදෙනාගේ සමාව ඉල්ලුවත් ඒ සඳහා හේතුවක් පහදා දීමට ඔහු අපොහොසත් විය.

" Mr ජියොන් ජන්ග්කුක්, මං දන්නවා ඔබ මේ වෙලාවේ ඉන්නේ කම්පනය වෙලා කියලා. ඒත් ඔබතුමාට පුළුවන්ද අපිට car එකේදි හරියටම සිද්ධ උනේ මොකක්ද කියලා කියන්න? එහෙම උනොත් අපිට පුළුවන් ඉක්මනින්ම වැරදිකාරයෝ අල්ලාගන්න." පරීක්ෂකවරයා හෙද කාමරයෙ සිටි ජන්ග්කුක්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් මුලින් ජන්ග්කුක් සහ ටේ හ්යොන්ග් දෙදෙනාම පරීක්ෂා කළේ ඔවුන් දෙදෙනා මැරයන්ගෙන් ගුටි කා සිටි බැවිනි. ඔවුන්ගේ ඇඟේ තිබූ කුඩා තුවාල කැලැල් කිහිපයකට හෙදිය විසින් ප්‍රතිකාර කරන ලදී. ඔවුන්ට වේදනා නාශක සහ ඉන්ජෙක්ෂන් ලබා දුන්නේ තුවාල ඉක්මනින්ම සුවපත් වීම සඳහායි.

ජන්ග්කුක් ඇඳ මත ඉඳගෙන සිටියා. ටේ හ්යොන්ග් අල්ලපු ඇඳේ හාන්සි වී සිටියා. ඔවුන් දෙදෙනා හොරෙන්ම බැල්මක් හුවමාරු කරගෙන කප්පන්කරුවන් ඔවුන් දෙදෙනාට තර්ජනය කළ අයුරු ඔවුන් දෙදෙනාට මානසිකව මෙන්ම කායිකවද හිරිහැරය කළ අයුරු පිළිඹඳව චිත්‍රපටයක මෙන් කතාවක් ගොඩ නැගීමට පටන් ගත්තා. ඔවුන් ජන්ග්කුක්ගෙන් වොන් බිලියන එකක මුදලක් ඉල්ලා ජන්ග්කුක් එය දීම ප්‍රතික්ෂේප කළ පසු ඔවුන් තමාට පහර දුන් අයුරු ජන්ග්කුක් විස්තර කළා. අවසානයේදි ඔවුන් දෙදෙනාව පාලු ගබඩාවේ ගැටගසා බඩගින්නේ දමා ගිය බව දෙදෙනාම පැවසීය.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now