✨️Chapter 48✨️

2.7K 333 171
                                    

ටේ හ්යොන්ග් සහ ජන්ග්කුක් අත් එකිනෙක පටලවාගෙන ජන්ග්කුක්ගේ නිවස තුළට ඇතුළ් වනවාත් සමඟම කෝපයෙන් වියරු වැටුණු ගොරහැඬි කටහඬක් ඔවුන්ව නවතාලීය.

"ජන්ග්කුක්!"

ජන්ග්කුක්ගේ හුස්ම මදකට නතරවිය. පාරක් පවුල ඔහුගේ නිවස තුළ සිටීම ඔහු මේ මොහොතේ කීයටවත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ටේ හ්යොන්ග් ඉක්මනින්ම ඔවුන් පටලවාගෙන සිටි දෑත් එකිනෙකින් වෙන් කරා. නොදන්නා හේතුවකට ඔහුගේ ශරීරය සීතල වීගෙන යන්නාක් මෙන් ඔහුට දැනෙන්න ගත්තා.

"Uncle Park? ඔයා මොනවද මේ වෙලාවේ මෙහේ කරන්නේ?" ජන්ග්කුක් ඔවුන් අසළට පැමිණියා. රෝස් සහ ඇයගේ මව ජන්ග්කුක්ගේ විශාල විසිත්ත කාමරයේ සෝපාවක් මත අසුන්ගෙන සිටියා. මිස්ටර් පාර්ක් වීදුරු මේසය අසළ සිටගෙන සිටියා. ඔහුගේ ඇස් ලේ රතු පැහැය ගෙන තිබුණේ ඔහු තුළ පුපුරු ගසමින් තිබූ කෝපය නිසාවෙනි. ජන්ග්කුක්ට මීළඟට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි උනා.

"අපි මෙතන පැය බාගෙකට වඩා ඔයා එනකන් බලන් හිටියා. ඔයා phone එකත් off කරදාලා. කියනවා බලන්න ඒ ඇයි කියලා?" මිස්ටර් පාරක් කෑ ගැසුවා.

ඔහුගේ නිවසේ සේවකයින් විසින් මිස්ටර් පාර්ක් සහ ඔහුගේ පවුල සඳහා දොර විවෘත කරන්න ඇතියැයි ජන්ග්කුක්ට නිගමනය කළ හැකි වුවත් ඔවුන් මේ මොහොතේ තමන්ගේ නිවසට පැමිණියේ කුමන හේතුවකටදැයි ඔහුට සිතාගත නොහැකි උනා. "මොකද වෙලා තියෙන්නෙ?"

මිස්ටර් පාර්ක් Twitter හි ඵලවී තිබූ කෙටි වීඩියෝවක් ජන්ග්කුක් හට පෙන්වූවා. "මේ මොකක්ද කියල පැහැදිලි කරන්න පුළුවන්ද?"

ජන්ග්කුක්ගේ දෑස් විශාල උනා. දෑත් මිට මෙළවෙද්දී ඔහුට කිසිවක් කියාගැනීමට නොහැකි උනා.

ජන්ග්කුක්ගේ පසුපස සිට දුරකතනය වෙත එබුණු ටේ හ්යොන්ග්ට දැකගත හැකිවූයේ Gaming cafe එක ඉදිරියේ ඔවුන් දෙදෙනා සිපගන්නා වීඩියෝවක්. ඒ සඳහා යොදා තිබූ Caption එක වූයේ ' ප්‍රසිද්ධ මෝටරථ නිශ්පාදන ආයතනයක් වන Jyundai cars සමාගමේ සභාපති ප්‍රසිද්ධ ස්ථානයකදී Same sex පුද්ගලයෙක් සිපගෙන' යනුවෙනි. ටේ හ්යොන්ග්ට එතනින් දිව යාමට සිතුනා. නමුත් ඔහු ඔහුගේ හා පැටියා සිංහ පවුල ඉදිරියේ තනිකර යන්නෙ කෙසේද? එනිසාම ඔහු අඩියක් පසුපසට විත් සමාව අයදින ස්වභාවයෙන් හිස බිමට හරවාගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: May 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now