✨️Chapter 07✨️

1.9K 431 63
                                    

Jimin in this part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jimin in this part 🔺

" ටේ! ඇත්තටම මේක මින් යූන්ගි මං වෙනුවෙන්ද sign කරලා දුන්නේ? මේක මාව රවට්ටන්න කියන ඔයාගේ මෝඩ විහිලුවක් එහෙම නෙවෙයි නේද? ටේ.. මට ඇත්ත කියන්න..මං මෙතන මැරෙන්න යන්නේ.." ජීමින් ටේගේ උරහිසින් අල්ලන් අධිරංගනයක නියැලුනා. ඔහුගේ දෑස් වල ගැබ්ව තිබුණේ කුතුහලයකි. ටේගේ සාමාන්‍ය හැසිරීම ඔහුව සෑහීමකට පත්කළේ නෑ.

" මං දැන් ඔයාට දහපාරකට වඩා කරන්න කිව්වා. මාව විශ්වාස නැත්තන් මෙහේ දෙනවා මගේ note book එක.." ටේ හ්යොන්ග් ජීමින්ගේ අතෙහි තිබූ පොත උදුරා ගැනීමට සැරසුනේ ජීමින්ගේ කියවිල්ල නවතාලීමට සිතාගෙනයි.

" ටේ... අන්තිම වතාවට කියන්න. ඒ මගේ යූන්ගි නේද?" ජීමින් ටේගෙන් පිළිතුරු ලැබෙනකන් බලා නොසිටියේ ටේ පවසන්නේ බොරුවක් නොවන බව ඔහුට මේ වන විට වැටහී තිබුණු නිසාවෙනි. ජීමින් ඔහු අතේ තිබූ පොත දෑතින්ම බදාගෙන එය හිතේ හැටියට නොනවත්වාම සිපගත්තා.

ටේ හ්යොන්ග් සිනහසෙමින්ම සුසුමක් පිටකළේ ජීමින් හැසිරෙන අන්දම දෙස බලමිනි. ජීමින් මෙලෙස හැසිරෙන බවට ඔහු හොඳින්ම දැන සිටියා. ජීමින් නිතරම වගේ ටේ හ්යොන්ග්ට හාදුවලින් සංග්‍රාහ කරන බැවින් මෙවරත් ඔහු කම්මුලට හාද්දක් බලාපොරොත්තු වුවත් ඔහුට එයා අමතක කිරීමට සිදු වූයේ ජීමින්ට යූන්ගි නිසා ඔහුගේ මිත්‍රයාව අමතකව ගිය බැවිනි.

මිනිත්තු කිහිපයකට පසු ජීමින් fan boy mode එක off කරායින් පසුව ජීමින් සහ ටේ ජීමින්ගේ නිවස පිටුපස තිබූ ලී බංකුවේ අසුන් ගත්තා. දෙසැම්බරයේ ශීත සුළං ඒ මේ අත හමමින් පැවතුනත් තරුණයින් දෙදෙනාට දෙසැම්බරයේ සෝල් නුවර රාත්‍රී අහසේ සුන්දරත්වය රස විඳීමට එය බධාවක් නොවුනි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now