✨️Chapter 21✨️

2.1K 432 146
                                    

දෙදෙනෙකුට සරිලන අන්දමින් සකසා තිබූ Apartment එක ඝන අඳුරේ ගිලී පැවතුනා. මධ්‍යම රාත්‍රී දොළහ වන විට බිත්ති ඔරලෝසුව නාද විය. ඇඳ අසළ තිබූ කුඩා මේසය මත තබා තිබූ දුරකතනය දෙවරක් නාද වීම නිසා නම්ජූන් ඒ දෙසට හැරිණි. ඔහු නිදිමතේම ඝන පොරෝනයෙන් පිටතට දිගුකළ අත මේසය මත ඒ මේ අත ගෙනගොස් නාදවෙමින් පැවති දුරකතනය අතට ගෙන ඇමතුම ලබා දුන් පුද්ගලයා කවුරුන්ද කියාවත් නොබලා පිළිතුරු දුන්නා. " Hello." ඔහුට ඇමතුම ලබා දී ඇත්තේ පොලීයෙන් බව ඇසෙනවාත් සමඟම නම්ජූන් ඉක්මනින්ම ඇඳෙන් නැගිට washroom එක දෙසට ඇවිදන් ගියේ තවමත් තද නින්දේ පසුවූ ඔහුගේ පෙම්වතා නින්දෙන් ඇහැරවීමට නම්ජූන්ට උවමනාවක් නොතිබුණු බැවිනි.

" Mr. කිම් නම්ජූන්, මට ඇත්තටම සමාවෙන්න මේ වෙලාවේ ඔයාට disturb කරන්න උනාට ඒත් මට ඔයාට කතා කරන්නම උනා."

" මොකක්ද වෙලා තියෙන්නේ officer?" නම්ජූන් සෑම වෙලාවකම ධනාත්මකව සිතන අයෙක් උනත් රෑ මැද පොලිසියෙන් ඔහුට ඇමතුමක් දීම ඔහුට යම්කිසි බියක් ඇති කළා.

" Mr ජියොන් ජන්ග්කුක්ව පැහැරගෙන ගිහින් තියනවා. Mr. Parkගේ ගෙදෙට්ට යන අතරතුරදී. Mr ජියොන්ගේ secretary ත් එයත් එක්ක ඉඳලා තියනවා. එයාවත් පැහැරගෙන ගිහින්. මට දැන්ම මේ ගැන වැඩි විස්තරයක් කියන්ම බෑ. Mr නම්ජුනුටත් පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිට තොරතුරු දීලා මේ වැඩ ඉදිරියට කරන් යන්න උදව් කරන්න."

නම්ජූන් තුළ හටගත්තේ පුදුමයකට සහ බියකට එහා ගිය හැඟීමක්. මෙය කෙසේවත් සිදු විය නොහැකියි. ඔහු වෙව්ලන කටහඬින් පිළිතුරු දුන්නා. " හ..හරි, මං දැම්මම එනවා. Please මේ ගැන media එකට දැනගන්න තියන්න එපා. එයාලා තත්ත්වේ තවත් දරුණු කරයි."

" මං දන්නවා සර්, ඒකයි අපි ඉස්සල්ලම ඔයාට කතා කළේ. පුළුවන් ඉක්මනින් එන්න."

දුරකතනය විසන්ධි වනවාත් සමඟම නම්ජූන් තදින් කෙස් මිටක් අදින්න ගත්තේ ඔහුට දැනුනු ආතතිය නිසාවෙනි. ඔහුට තව දුරටත් කෙළින් සිතීමට හැකියාවක් නොතිබුණා. ඔහු ඉක්මනින්ම පිටතට පැමිණෙද්දි ඇස් බැමි ළං කරගෙන තමා දෙස කුතුහලයෙන් බලා සිටින ජින් ඔහුට හමුවූවා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now