✨️Chapter 11✨️

1.9K 412 94
                                    

Kim Taehyung in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung in this Part 🔺

Jeon Jungkook in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook in this Part 🔺

ටේ හ්යොන්ග් ඔහුගේ රාජකාරි ගොඩනැගිල්ල තුළට ඇතුළ් වෙද්දි වෙලාව 11.35 පමණ වී තිබුණා. ඔහුගේ මව උදෑසන ඔහුට අවදි කිරීමට තුන් වරක් පමණ කතා කළත් ඔහුට ඔහුගේ දෑස් විවර කරගැනීමට අපහසු විය. එබැවින් ඇය ඇයගේ දුව සමඟ වෙළඳපොළට පිටත්ව ගියේ ටේ හ්යොන්ග් නවයට පෙර ඇහැරවන්න යැයි Sunoo ට පවසමිනි. නමුත් ටේ හ්යොන්ග්ගේ අවාසනාවට මෙන් sunoo ගේ මිතුරෙක් ඔහුට ඇමතුමක් දී ඔවුන්ගේ පන්තිය වේලාසනින් ආරම්භ වන බව පවසා සිටියා. එබැවින් ඔහුටද නිවසින් පිටව යාමට සිදුවිය. කාර්යාලයට යන අතරතුරදීද ටේ හ්යොන්ග් හට විශාල වාහන තදබදයකට මුහුණදීමට සිදුවූයේ ඔහුව තවත් ප්‍රමාද කරමිනි.

අද ඔහුගේ ජීවිතේ අවසාන දිනය බව ටෙ හ්යොන්ග් දැන සිටියා. අර චන්ඩියා ඔහුව ලෙහෙසියෙන් අත නොහරින බව ඔහුට අමුතුවෙන් කිව යුතු නොවේ. එකයි, දෙකයි, තුනයි.. ජන්ග්කුක්ගේ කාර්යාලයේ දොරට තට්ටු කරන්න කලින් ටේ හ්යොන්ග් ගණන් කරන්න ගත්තා. නමුත් කාර්යාලය හිස්ව පැවතියා. සේවකයෙක් ඔහුට පැවසුවේ බොස් දැනටමත් meeting room එකේ ඔහු එනතෙක් බලා සිටින බවයි. ටේ හ්යොන්ග් ඒ දෙසට දුවන්න ගත්තේ හරියට ඔහුගේ ජීවිතය ඒ මත රඳා පවතිනවා වගේ. ඇත්තටම ඔහුගේ ජීවිතය රඳා පවතින්නේ කිවවත් වැරැද්දක් නෑ.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now