✨️Chapter 17✨️

1.9K 417 117
                                    

පස් මහල් සුවිසල් මන්දිරය ඉදිරියේ කාරය නවතන විට ඉර මුදුන් වී තිබුණා. ජන්ග්කුක් මීට පෙරද මෙහි පැමිණ තිබූ බැවින් ඔහු මන්දිරය ඉදිරියේ නවතා තිබූ සුඛෝපභෝගී වාහන හෝ මන්දිරය නැරඹීමට කාලය වැය නොකලා. රෝස් ජන්ග්කුක්ගේ ඇඟේ එල්ලීගෙන සිටියේ ඔහුගේ සෙවනැල්ල මෙනි, හරියටම කිව්වොත් හොල්මනක් වගේ ජන්ග්කුක්ට හුස්ම ගැනීමට පවා ඉඩ නොදී. දිගු කොරිඩෝවක් පසු කිරීමෙන් පසු ඔවුන් අවසානයේ දී කෑම කාමරේට කාමරයට ඇතුල් වුණා.

Mr. Park, රෝස්ගේ පියා උස මහත අයෙකි. ඔහු ජන්ග්කුක්ටද වඩා උසින් වැඩි උනා. ඔහු වැදගත් අන්දමින් සැරසී සිටියා. ඔහුගේ සුදුපැහැ ගැන්වෙමින් තිබූ කොණ්ඩය පිළිවලකට සකස් කොට තිබුණි. ඔහුගේ මුහුණ මදක් රැලි වැටී තිබුණා. මහලු ව්‍යාපාරිකයෙකුගේ පෙනුන ඔහුගෙන් මනාව පෙන්නුම් කළා. ජන්ග්කුක් ඇතුළ් වූ විගසම ඔහු ඉදිරියට පැමිණ ඔහුව වැළඳගත්තා. එය සුහද වැළඳගැනීමක් වුවත් ජන්ග්කුක්ට දැනුනේ අපහසුතාවයක්. ඔහුගේ බිරිඳද ඉතාමත් රූමත් විලාසිතාවන්ට බර තැනැත්තියක් උනා. ඇය පොහොසතුන් අතර ජනප්‍රිය චරිතයකි. ඇයද අසුනෙන් නැගී සිට ඔහුට ආචාර කළා. ඔවුන් සියල්ලක්ම නිහඬවම මේසට වටා අසුන් ගත්තා.

" ඉතින් ජන්ග්කුක්, කොහොමද මේ දවස්වල වැඩ හොඳින් කෙරෙනවද?" Mr. Park නිහඬතාව බිඳහෙලීමට හිතාගෙන කතාව ඇරඹීය.

" ප්‍රශ්නයක් නෑ. මං මේ දවස්වල පහළ ගිය sales ආවරණය කරන්න කටයුතු කරනවා." ජන්ග්කුක් කුඩා මස් කැබැල්ලක් මුවට දමාගන්න ගමන් පැවසුවා. පාර්ක් පවුල යටතේ වැඩකරන කෝකියන් ඉතාමත් දක්ෂයින් බව ඔහු පිළිගත යුතුම කරුණක්. එනිසාම ඔහු ඔහුගේ සම්පූර්ණ අවධානය කෑම වෙත යොමු කළා.

" ඇත්තටම ඔයා ඔයගේ තාත්තා වගේම දක්ෂ businessman කෙනෙක්. මං ඔයා ගැන පූර්ණ විශ්වාසය තියාගන්නවා." Mr. Park ඔහුගේ සුපුරුදු ගැඹුරු කටහඬින් ජන්ග්කුක්ට ප්‍රශංසා කළා.

ජන්ග්කුක් ඔහු දෙස කෙළින් බලාගෙන කතා කිරීම ඇරඹුවා. " Uncle, ඇයි ඔයා මට එන්න කිව්වේ?" කෙළින් කතා කිරීම ඔහුගේ පුරුද්දක් උනා.

" හදිස්සි වෙන්නේ ඇයි? අපි මුලින් කෑම කාලා ඉමු." Mr. Park හිස ඔසවන්නේ නැතුන්ම පවසා සිටියා. ඔහුත් ඔහුගේ ආහාර වේල රස විඳින බව පෙනී ගියා එසේත් නැතුනම් ඔහු තවත් වෙලාව ගන්නවද?

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now