✨️Chapter 47✨️

1.7K 343 104
                                    

මේ අතරතුරදී ජන්ග්කුක් parking lot එකේ නොයිවසිල්ලෙන් උඩ පහළ ඇවිදිමින් සිටියා. ඔහු කාරයේ යතුර අතට තද කරගෙන සිටියා. "දැන්නම් හොඳටම ඇති හ්යොන්ග්. මං ගිහින් බලනවා. මට ඒ මිනිහව විශ්වාස නෑ."

"ඒත් ඔයාට ටේ හ්යොන්ග්ව විශ්වාසයිනේ? තව ටික වෙලාවක් ඉඳලා බලන්න." නම්ජූන් කාරයට හේත්තු වී අත්දෙක බැඳගෙන සිටියා. ඔහු සැරින් සැරේ ඈනුම් අරිමින් සිටියා. ඔවුන් මෙතෙක්වෙලා බලා සිටි පුද්ගලයා දොරින් පිටතට පැමිණෙන අයුරු දුටු විට ඔහු කාරයෙන් කෙලින් උනා. "අන්න එයා එනවා."

ජන්ග්කුක් නම්ජූන්ගේ ඇස් යොමුවූ දිශාවට ඇස් යොමුකරා. ඔහුගෙ පෙම්වතා පැමිණෙන බව දුටු පසු ජන්ග්කුක්ගේ සිතට දැනුනේ සැහැල්ලුවක්. "ටේ, ඇයි මෙච්චර වෙලා ගියේ?'

ටේ හ්යොන්ග් යටිතොළ සපාගත්තා. "ම්ම්. එයා ගොඩක් busy." 'Busy talking with him' නමුත් ඔහුට එය හයියෙන් පැවසීමට නොහැකියි. ජන්ග්කුක් ඔහු ඉදිරියේ හැමදෙයක්ම හොඳින් යැයි පෙන්වීමට උත්සාහ කළත් ඔහු company එක ගැන බයෙන් සිටින බව ටේ හ්යොන්ග් හොඳාකාරවම දැනසිටියා. ටේ හ්යොන්ග්ට ඔහුගේ හා පැටියව තවත් කළබල කරන්න උවමනාවක් නෑ. "මට ඒ නිසා බලන් ඉන්න උනා."

"ආහ්! හරි, කෝ දැන් කාර් එක ඇතුළට යන්න. එළියේ සීතලයි. ඔයා අසනීප වෙයි." ජන්ග්කුක් ටේ හ්යොන්ග් වෙනුවෙන් දොර විවෘත කරා. ඔහු කාරය ඇතුළට නැග ෂීට් බෙල්ට් එජ පැළඳගත්තා.

"ජන්ග්කුක්, එහෙනම් මං යනවා. මං ඔයාට හෙට කතා කරන්නම්." නම්ජූන් ආදරවන්තයින් දෙදෙනාට අවසාන බැල්මක් හෙලා ඔහුගේ කාරයෙන් එතනින් පිටව ගියා.

රියදුරු අසුනටට නැගීමෙන් පසු ජන්ග්කුක් කාරය පණ ගැන්වූවා. "Hey, ඔයාට මගේ ගෙදරට යන්න ඕනෙද?" ඔහු වැඩිහිටි තරුණයාගෙන් මෘදු ලෙස විමසුවා.

ටේ හ්යොන්ග් ජන්ග්කුක් දෙසට හිස හැරවූවා. "නෑ. මට ගෙදර යන්න ඕනේ. මං තාම මගේ මල්ලිව දැක්කෙ නෑ. මං එද්දි එයා couching class ගිහින් හිටියේ. ඔම්මා කිව්ව අපිට කියන්න වැදගත් දෙයක් තියෙනවා කියලා."

"ආහ්." ඔහුගේ කාරය අඳුරු වීදි හරහා ඉදිරියට ඇදී යන අතර ජන්ග්කුක්ගේ දෙනෙත් යොමු ව තිබුණේ ඔහු ඉදිරියේ ඔහු ඉදිරියේ තිබූ තිබු මාර්ගය වෙතටයි. "ආපහු office යන්න කලින් අපිට එක දවසක නිවාඩුවක් ගන්න පුළුවන්."

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now