✨️Chapter 08✨️

1.9K 423 103
                                    

Jeon Jungkook in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeon Jungkook in this Part 🔺

වෙනදා මෙන් නොව අද ජන්ග්කුක් සිටියේ ඔහුගේ අසුනේ අසුන්ගෙන නොවේ. ඔහු සිටියේ ඔහුගේ මේසය ඉදිරිපිට සිටගෙන මේසයට හේත්තු වීගෙනයි. ඔහු පපුව ඉදිරියෙන් අත් දෙක බැඳගෙන සිටියා. ඔහුගේ තියුණු දෑස් කාර්යාලයට ඇතුළ් වූ ටේ හ්යොන්ග් ඉහළ සිට පහළටම නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු තනි කලු පැහැති ඇඳුමින් සැරසීගෙන සිටියේ වෙනදා මෙන්ම ආකර්ශනීය බවක් සමගයි. " ඔයා ආවා කියලා මට පේනවා Mr.Kim. ඔයාගේ කතාත් ඔයා වගේම කම්මැලියි."

ටේ හ්යොන්ග්ට එකවරම සිතුනේ ඔහු ආපසු නිවස කරා යා යුතු බවයි.

ටේ හ්යොන්ග් ඔහුගේ යටිතොළ දිවෙන් තෙත් කළේ ඔහුගේ සිතේ ඇති වූ කළබලකාරී ස්වභාවය නිසායි. ඔහු ඔහු ඉදිරියේ සිටි බාල තරුණයා දෙස බලා සිටීමට ඔහුගේ කාලය ගත්තා. ඔහු මීට පෙර කඩවසම් තරුණයන් දැක තිබුණත් ජන්ග්කුක් කඩවසම් බවේ සීමා සියල්ල පසුකළ අයෙකි. ඔහුට සිතුනේ ජන්ග්කුක්ව මැවීමට විශ්වයේ මැවුම් කරු ඔහුගේ කාලයෙන් මාසයක්ම වෙන්කරන්න ඇති කියයි. කලු කොළරයට ඉහළින් දිස් වූ තියුණු Jaw line එක ( සොරි ළමායි මට ඒකට සිංහල වචනයක් මතක් වෙන්නෑ 😂) දෙස ටේ හ්යොන්ග්ට එකදිගට මුළු දිනයක්ම වුවත් බලා සිටිය හැකි යැයි ඔහුට වැටහුණා. ඔහු දැනටමත් මේ තරුණයාගේ කඩවසම් කමට වසඟ වෙලා.

තත්ත්පර දහයක් පමණ එක දිගට බලා හිඳීමෙන් පසු නිහඬතාව බිඳීමට ඔහු තීරණය කළා. " Mr.Jeon මං දැන් මොනාද කරන්න ඕනි?"

" ටික වෙලාවක් ඔහොම ඉන්න. මගේ secretary තව ටිකකින් ඇවිල්ලා ඔයාට කරන්න තියන මූලික දේවල් ටිකක් කියාදෙයි." ජන්ග්කුක් නැවතත් ඔහු අසුන්ගෙන සිටි ආසනය මතට ගොස් මේසය මත තිබූ වතුර වීදුරුවක් දෑතට ගෙන ටේ හ්යොන්ග්ගේ දෑස් දෙස බලමින්ම එය සෙමින් පානය කලේ ඔහුව ඇවිස්සීමට මෙනි. ටේ හ්යොන්ග් ඔහුගේ ඉඟිය ඉක්මනින්ම වටහා ගත්තා. ජන්ග්කුක් හට අවශ්‍ය වී තිබුණේ ඔහු පෙර දිනයේ සිදු කළ දේ ඔහුට මතක් කර දීමටයි. ටේ හ්යොන්ග් හට එකවරම රස්නයක් දැනීගෙන ආවේ ඔහුගේ දිගු අත් සහිත කමීසය ඇතුළතින් දහඩියක්ද දමාගෙමයි. ඔහු ගෙල වටා පැළඳ සිටි ටයි පටියද ඔහුව තව තවත් අපහසුතාවයට පත් කළා. ඔහු එකවරම ඔහුගේ දෑස් දොර වෙත යොමු කළේ දොර විවෘත කරගෙන උස තරුණයෙක් විශාල ෆයිල් ගොඩක්ද රැගෙන ඇතුළ් වෙනවාත් සමඟමයි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now