✨️Chapter 12✨️

1.8K 428 74
                                    

" Mr. Kim ඇතුළට එන්න.. " ටේ හ්යොන්ග් සිනහසෙමින් දොර විවෘත කරා.

" හායි.. ඔයා මොනාද කරන්නේ?" ජින් ටේ හ්යොන්ග් හටද සිනහවකින් ආචාර කළා.

" මුකුත් නෑ සර්, මං මේ ගෙදර යන්න ලෑස්ති උනේ.." ටේ හ්යොන්ග් බිම බලාගන්න ගමන් කතා කළා.

" ගෙදර? ඇයි? එතකොට අපි දෙන්නගේ Date එකට මොකද වෙන්නේ?" සොක්ජින්ද ටේ හ්යොන්ග් කළ ආකාරයටම හිස පහත් කරගත්තා.

" ආහ්.. ඇත්තටම මට සමාවෙන්න sir, මට ඒක අමතක උනා." ටේ හ්යොන්ග් සොක්ජින් දෙස හිස ඔසවා බලමින් නැවතත් පැකිලීමෙන් කතා කළා. " Sir, මං date එකකට යන්න ගැළපෙන විදිහට ඇඳලා නෑ. මං අද උදේ පරක්කු වෙලා නැගිටලා හදිස්සියේ අතට අහුවුණු ඇඳුමක් ඇඳගෙන දුවගෙන ආවේ.. ඔයා වගේ Handsome කෙනෙක් එක්ක එළියට යන්න මං මේ ඉන්න විදිහ ගැළපෙන එකක් නෑ.. මිනිස්සු ඔයා ගැනත් එකේක දේවල් කියයි." ටේ ඔහු ඇඳ සිටි සුදු පැහැති පොඩිවී තිබූ කමීසය දෙස බැලුවා. එය ඔහුගේ කෙට්ටු ශරීරයට ඇලී තිබුණා. නමුත් ඔහු ඉදිරියේ සිටි තරුණයා හැමදාකම මෙන්ම කඩවසම්ව වටිනා ඇඳුමින් සැරසී සිටියා.

" It's ok babe. මං අනිත් මිනිස්සු මං ගැන හිතන දේවල් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. අපි ගිහිල්ලා සතුටු හිතෙන මතකයක් ගොඩනගා ගමු. " සොක්ජින් ටේ හ්යොන්ග්ට ඇහැක් ඉඟි කළා. ටේ හ්යොන්ග් මද වේලාවක් කල්පනා කර සොක්ජින් හා එකඟ විය. දෙදෙනාම සිනහමුසු මුහුණින් කාර්යාලයෙන් පිටතට ආවා. ඔවුන් යන අතරතුරදී ඔවුන් ඉදිරියට පැමිණියේ නම්ජූන්. නම්ජූන් දුටු වහාම ජින්, ටේ හ්යොන්ග්ගේ අතින් අල්ලා ඔහුව තමා දෙසට ඇදගත්තේ ටේ හ්යොන්ග්ගේ කරට අතක්ද දමාගෙනයි. නම්ජූන් කතා කිරීමට කට විවෘත කළත් ඔහුගේ මුවින් කිසිවක් පිට නොවීය. ජින් ඔහු දෙස බලා ඇස් රෝල් කරමින් කිසිවක් කරකියාගත නොහැකි නම්ජූන් හිටි තැනම තනිකර පිටව ගියා.

නම්ජූන් දිගු සුසුමක් පිටකළා. ඔහු ඔහුගේ Apartment එකට නොයා කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළම මහලේ තිබූ private bar එකට ගමන් කළා. ඔහුට එතනදී තවත් තනිවී සිටි පුද්ගලයෙක් හමුවිය, ඔහු තනිවම අත තිබූ විස්කි වීදුරුව රස විඳිමින් සිටියා. නම්ජූන් කිසිවක් නොකියාම ඔහු ඉදිරියේ හිඳගත්තේ තවත් විස්කි බෝතලයක් විවෘත කරමින්. ඔහු එය ඔහු අසළ තිබූ වීදුරුවකට වක්කරගෙන එක හුස්මට අවසන් කලා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now