✨️Chapter 45✨️

1.3K 316 231
                                    

Seoul, South Korea

ජන්ග්කුක් නියමිත වෙලාවට පැයකට පසුව party එක පැවැත්වුණු ස්ථානයට පැමිණියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් නියමිත වෙලාවට පැයකට පසුව party එක පැවැත්වුණු ස්ථානයට පැමිණියා. ඔහු ප්‍රධාන දොරටුව ඉදිරිපිට කාරය නවතා ටේ හ්යොන්ග් සමඟ ඉන් පිටතට පැමිණියා. එකදිගට රිය පැදවූ බැවින් ඔහුගේ කොන්ද මදක් ඇදුම්කන් දෙමින් තිබුණා.

"ජන්ග්කුක්, ඔයත් Driver කෙනෙක් ගන්න. බලන්න මෙතෙන්ට එන හැමකෙනෙක්ම Driver කෙනෙක් එක්ක එන්නේ. ඔයා secretary ව වාහනේ දාගෙන එනවා."

ජන්ග්කුක් සිනහාසුනා. "ඇයි? මං ඔයාගේ driver වගේ පේනවද?"

ටේ හ්යොන්ග් අලස ලෙස ඔහු ජන්ග්කුක් දෙස බැලුවා. තනිකලු suit එක ඇඳපු ජන්ග්කුක් හැමවෙලාවකම ටේ හ්යොන්ග්ව ආකර්ෂණය කර ගත්තා. "ඔව් high class driver කෙනෙක්." ටේ හ්යොන්ග් සරදමින් ඇසක් ඉඟිකළා. "අපි දැන් ඇතුළට යමුද?"

"නම්ජූන් හ්යොන්ග් එනකන් ටික වෙලාවක් ඉමු." ජන්ග්කුක්ගේ දෙනෙත් වටපිටාව හොඳින් අධ්‍යනය කරා. සාදය පැවැත්වුණු තරු හතේ හෝටලට Wenteck ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් උනා.

ටේ හ්යොන්ග් ඈනුමක් ඇරියා. ඔහු මෙහි පැමිණීමට පෙර නිවසට ගොස් පැය කිහිපයක් නිදාගත්තත් තවමත් ඔහුගේ නිදිමත සම්පූර්ණයෙන්ම නැතිවෙලා නොතිබුණා. ටේ හ්යොන්ග් නැවතත් ඔහුට Jeon automobiles හි රැකියාවට යාමට අවශ්‍ය බව ඔහුගේ පවුලේ අයට පවසා තිබුණා. ඔහුගේ මව මුලින් ඒ අදහසට අකමැති වූවත් ඊළඟ වතාවේ ඔහු පරිස්සම් වන බව පැවසූ පසු ඇය එයට එකඟ වූවා. ජන්ග්කුක් ටේ හ්යොන්ග් හට Navy blue suit එකක් මිලදී ගෙන තිබුණා. එය ඔහුගේ සුදු කමීසයට සහ කලු ටයි එකට ඉතාමත් හොඳින් ගැළපුනා. "ඔයා Wenteck එකේ Chairmanව දන්නවද?" ටේ හ්යොන්ග් ජන්ග්කුක්ගෙන් ඇසුවේ කාලය නාස්ති කිරීමට මෙනි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now