✨️Chapter 42✨️

1.5K 328 134
                                    

Seoul, South Korea

සෝල් නගරයේ තිබූ විශාලතම මෙන්ම ජනප්‍රියතම Ramp studio එක වුණු Sky walkers Studio එක දෙසට ජීමින් නෙත් යොමුකළා. ඔහුගේ හදවත වේගයෙන් ගැසෙමින් තිබූ හදවත සහ දහඩියෙන් තෙත්ව තිබූ දෙඅත දුටු සැනින් ඔහු කෙතරම් කළබල වී සිටියේදැයි පැවසිය හොඳාකාරවම දැකගත හැකියි. ඔහු මේ වනකන්ම සිදුකර තිබුණේ කලාතුරකින් දෙබස් කොටස් අන්තර්ගත වන වෙළඳ දැන්වීම් වල ඉතා කුඩා චරිත වල රඟපෑම පමණයි. ඔහු පෙර දිනයේදී 'Nikun' යන ඇඳුම් මෝස්තර සමාගමේ දැන්වීමකට සහභාගි වී තිබුණා. එය එතරම් ජනප්‍රිය එකක් නොවුනත් අධ්‍යක්ෂවරයා ඔහුගේ රඟපෑමට ඉතාමත් පැහැදී තිබුණා. අධ්‍යක්ෂවරයා ඔහුව සියල්ලක්ම ඉදිරියේ වර්නනා කළේ ඔහු එහි සිටි අත්දැකීම් සහිත අනෙක් නිරූපණ ශිල්පීන්ටත් වඩා හොඳින් ඔහුගේ හැකියාව ප්‍රදර්ශනය කළ බව පවසමිනි. ඔහු ජීමින්ව ලෝකප්‍රකට විලාසිතා නිර්මාණකරුවෙකු වූ චොයි ජූන්ගේ ඉදිරියට පැවැත්වීමට නියමිත Winter-spring Collection එකටත් නිර්දේශ කර තිබුණා.

ජීමින් දෙඅතින්ම දොර හැඬලය අල්ලාගෙන සිටියේ ඔහු තුළ හටගමින් තිබූ උද්‍යෝගය මිශ්‍ර වූ කළබලකාරී ගතියෙනි.

ඔහු මද වේලාවකට තදින් ඇස් පියාගෙන සියල්ලක්ම සියල්ලම හොඳින් සිදුවේ යන හැඟීමෙන් ඔහුගේ සිත දැඩි කරගත්තා. ඔහු මුහුණේ ඇඳගත් සුන්දර සිනහවත් සමඟ දොර විවෘත කර ඇතුළට ඇවිදගෙන ගියා.

ජීමින්ගේ කුතුහලයෙන් පිරි දෑස් වටපිටාව පුරා දිවගියා. එය You tube වීඩියෝවේ පෙන්වූ ආකාරයේම විය. හිස් පුටු සියයක් පමණ පෙළගස්වා තිබූ දිගු කාමරයේ කිරි සුදුපැහැති ran away එකක් පැවතියා. සිවිලිමට සම්බන්ධ කර තිබූ විශාල Chandeliers සහ projectors වේදිකාව ආලෝකමත් කරේ එය සුරංගනා කතාවක පවතින ස්ථානයක් බඳු කරමිනි. එහි නිරූපණය ශිල්පීන් විස්සක් පමණ ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුමින් සැරසී පුහුණුවීම් වල නිරතවෙමින් සිටියා. ඔවුන්ට උපදෙස් සපයමින් සිටි ඇමරිකානු අධ්‍යක්ෂවරයා වෙත ඔහුගේ අවධානය යොමු උනා. ඒ වෙන කවරෙකුවත් නොවේ ප්‍රසිද්ධ සන්නාමයන් සමඟ කටයුතු කරනා සුප්‍රකට අධ්‍යක්ෂක Mr.Parker.

ඒ කියන්නේ ඔහු ඇත්තටම Mr. Parker සමඟ වැඩ කරන්න යන්නේ. ඔහුට පෙරටත් වඩා කළබලකාරී ගතියක් දැනුනා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now