✨️Chapter 35✨️

1.8K 426 415
                                    

December 25

ජීමින්ගේ මිත්තනියගේ නිවස පිහිටියේ saha-gu, බුසාන්හි Gamcheon ගමෙහි කෙළවරට වන්නයි. කොරියාවෙහි Machu Picchu යන නමින්ද එම පෙදෙස හැඳින් වූවා. ජන්ග්කුක් බුසාන් වෙත ළඟා වන විට හිරු නැගෙනහිර අහසේ රැඳී තිබුණා. ඔහුට කුලී රථයකින් ජීමින්ගේ මිත්තනියගේ නිවස පිහිටා තිබූ කඳු මුදුන වෙත ගමන් කිරීමට පැය දෙකක් ගත විය. ඔහුට අතරමගදී හමුවූ කඩ වීදිය ජනග්‍රහනය අධික ස්ථානයක් වුවත් එය පසුකරගෙන ඉදිරියට ඇදෙන විට ඔහුගේ නෙතට මනස්කාන්ත දර්ශන පෙළක් දිස්විය. එය කෙතරම් අලංකාරවත්ද කියතොත් ඔහු කොරියාවේ ගම්බද පෙදෙසක මීට පෙර සංචාරයක් නොපැමිණීම පිළිඹඳව පසුතැවිලි විය.

ජන්ග්කුක් ඔහුගේ අත් ඔරලෝසුව පිරික්සීය. එහි වේලාව 11.43 ලෙස සඳහන්ව තිබුණා. ඔහු ඉදිරියේ තිබූ කුඩා ලී නිවස ඔහුට අලංකාරවත් සිතුවමක් මෙන් දිස් විය. එහි කාළගුණය සෝල් වල තරම් ශීතල නොවුනා. නමුත් එය එතරම් උණුසුම් එකක්ද නොවුනා. කලු පැහැති Nike පාවහන් යුගලක් පැළඳ සිටි ජන්ග්කුක් කාළගුණයට හැඩගැසීමට මෙන් ඇඟිලි තුඩු වලින් උඩ පනිමින් නිවස දෙසට ඇවිද ගියා.

සතියකට පසු ටේ හ්යොන්ග් හමු වීමට යන බැවින් ජන්ග්කුක්ගේ මුහුණ තිබුණේ සතුටින් බබලමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතියකට පසු ටේ හ්යොන්ග් හමු වීමට යන බැවින් ජන්ග්කුක්ගේ මුහුණ තිබුණේ සතුටින් බබලමිනි.

දොරට තට්ටු කිරීමට පෙර ජන්ග්කුක් උගුර පැහැදුවා, ඉක්මනින් ඇඟිලි හිසකේ අතරින් යවා ඒවා පිළිවලකට සකසා ගත්‍තා, ඔහු Lip balm ස්වල්පයක්ද තොල් වල තවරා ගත්තේ 'ඔහු' ඉදිරියේ ආකර්ෂණීය ලෙස පෙනී සිටීමටයි.

ගතවන තත්ත්පරයක් පාසාම ජන්ග්කුක්ගේ හදවත ගැසෙන වේගය වැඩි උනා. ඔහු පැමිණෙන අතරමග ඔහු සමාව ගැනීමේ කතාවක්ද සකස් කරගත්තත් ඔහු සිටියේ බියෙන් මෙන්ම කළබලයෙන්. ඔහු මීට පෙර කිසිඳු දිනක මෙතරම් කළබල වී නොතිබුණා. ' කිම් ටේ හ්යොන්ග් ඔයා මං මෙච්චර කල් නොකරපු දේවල් ඔයා වෙනුවෙන් කෙරෙව්වා'- ඔහු සිතුවා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now