✨️Chapter 23✨️

1.9K 445 192
                                    

Taekook in this Part 🔺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taekook in this Part 🔺

3 Days Later...

CEO ආයතනය තුළට පැමිණීමත් සමඟ Jeon groups of automobiles නැවතත් අලුත් පණක් ලැබීය. හැමදවසක මෙන්ම සේවකයින් ඔහුට ආචාර කළා, ඔහුද ඔහු ඉදිරියට හමුවූ සියලු දෙනාටම ආචාර කළා. ඔහුගේ කාර්‍යය මණ්ඩලයේ සියලු දෙනාම එකවරම දැකගැනීමට හැකිවූ දවසේ එකම වේලාව මෙයයි. ජන්ග්කුක්ට ඔහුගේ රැකියාව පිළිඹඳව දැනුනේ ආඩම්බරයක්. එය ඔහුගේ මූණෙන්ම පෙනී ගියා. ඔහුගේ කාර්‍යය මණ්ඩලයද ඔහු පිළිඹඳව ආඩම්බර වීම පුදුමයක් නොවේ.

ටේ හ්යොන්ග් ලැප්ටොප් පරිගණකය සහ ලිපිගොනු කිහිපයක් අතැතිව ඔහු පසුපසින් ඇවිදගෙන ආවා. වෙනදා ඔහු පැළඳි බෝතල් අඩි කණ්ණාඩි යුවල අද ඔහු සමඟ නොතිබිණි. ඔහුට ඒවා නොමැතිව ඔහු පිළිඹඳව තිබූ ආත්ම විශ්වාස වැඩිවිය. ඔහු වෙනදා මෙන්ම ඔහුගේ සුදු කමීසයෙන් කලු කලිසමින් ඊට ඉහළින් දමා තිබූ අළු පැහැති වෙස්ට් එකක් සහ ඔහුගේ office look එකට සාධාරණයක් කිරීමට දුඹුරු පැහැති ටයි පටියකින් සැරසී සිටියා. ජන්ග්කුක්ගේ තද කළු සහ තද නිල් කමීසය සහිත ඇඳුම් විලාසිතාවේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.

" ඔයා chinese dealers ලට කතා කරාද?" කාර්යාලයේ දොර වැසුණු ගමන්ම විනාඩියක්වත් නාස්ති නොකර ජන්ග්කුක් විමසා සිටියා.

" ඔව්, එයාලා කිව්වා මේ covid ප්‍රශ්නෙත් එක්ක එයාලට කලින් තොගයවත් විකුණන්න බැරි වුණු නිසා අලුතින් කාර් තොග ඕන්නෑ කියලා, එයාලට ඉඩ ප්‍රශ්නයක් තියනවලු." ටේ හ්යොන්ග් ඔහු රැගෙන ආ දේවල් මේසය මත තබා ජන්ග්කුක් ඉදිරියේ ඇති අසුනේ ජන්ග්කුක්ට මුහුණලා අසුන්ගත්තේ ජන්ග්කුක් කතාව ඉදිරියට ගෙන යාමට සිදුකිරීමට කල සන් කිරීමත් සමඟයි.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now