✨️Chapter 05✨️

2.2K 451 109
                                    

" ඔයාලට විශ්වාස කරන්නවත් පුළුවන්ද ඒ කොල්ලා අද මට තර්ජය කරා කියලා?" ජන්කුක් කරදරකාරී ලෙස පවසා සිටියා. රාජකාරි වේලාව් අවසන් වී තිබූ බැවින් ජන්ග්කුක් සහ තවත් සිව් දෙනෙකු රාජකාරි ගොඩනැගිල්ලේ ඉහළම මහලයේ විවෘත ස්ථානයකට වී නගරයේ සිව්කොණින්ම දිස්වූ ආලෝක රටා රසවිඳිමින් සිටියේ කිසියම් පානයක්ද අතැතිවයි. දෙසැම්බරයේ මැද භාගයේ රාත්‍රී කාලය මීදුම් සහිත සීතල එකක් වුවත් ඔවුන් එය ගණනකට නොගත්තා.

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"

ඒ ඔයා එයාට වෙන තේරීමක් ඉතුරු නොකරපු නිසා. ඔයා ලොකු පොඩි හැම කම්පැනි එකකටම කිව්වනේ එයාව වැඩට ගන්න එපා කියලා. ඉතින් ඒ කොල්ලා වෙන මොනවා කරන්නද?" නම්ජූන්ගේ කටහඬ තියුණු එකක් වුවත් එහි ගැබ්ව තිබුණේ මෘදු බවක්. ඔහු ආයතනය තුළ ඔහුගේ තනතුර හොඳින්ම දැන සිටියා.ඔහු තුළ පැවති විනය ඔහුව තවත් විශ්වාසවන්ත සේවකයෙකු බවට පත් කළා. ඔහු කෙදිනකවත් CEO ට විරුද්ධව කතාකොට තිබුණේ නෑ.. අඩුමතරමේ උත්සහයක්වත් දරා තිබුණේ නැ. ඔහුගේ ගතිගුණ නිසාම ඔහු හිටපු CEO ගේ මෙන්ම දැන් සිටිනා CEO ගෙද උපදේශක උනා.

" ඔයා කියන්නේ මං කරපු දේ වැරදියි කියලද?" ජන්ග්කුක් මේසය වටා නෙතු දිවවූයේ මේසය වටා රැස්ව සිටි සියලු දෙනාගෙම ඇස් හමුවන පරිදියි.

" A big YES"  සොක්ජින් පවසා සිටියා. ඔහුගේ වචනවල තැවරී තිබුණේ නින්දා සහගත මෙන්ම තරවටු කිරීමේ ස්වරූපයක්. " පිළිගන්න, මෙතන නරක කෙනා ඔයා කියලා." ඔහු අසුන් ගෙන සිටියේ ජන්ග්කුක් සමඟ මුහුණට මුහුණ.

" ඒත් හ්යොන්ග්, එයාගේ තාත්තා නිසා මගේ පවුලම මට නැති උනා. ඒ විතරක් නෙවෙයි ඒ මනුස්සයා මිනිස්සු ගොඩක් ඉස්සරහ මට ගැහුවා." ජන්ග්කුක් තමාව ආරක්ෂා කිරීමට මෙන් කතා කළා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now