✨️Chapter 26✨️

2K 420 252
                                    

ටේ හ්යොන්ග් බස් එකේ යාමට වැඩි කැමැත්තක් දැක්වූ අයෙක් නොවෙයි. ඔහු මිනිසුන්ගේ අනවශ්‍ය ස්පර්ශයන්ට අකමැති විය. නමුත් අද ඔහුට එතරම් ගාණක් නොවූයේ ඔහු සිටියේ ඔහුගේම සතුටපිරි මනෝ ලෝකයක නිසාවෙනි.

ටේ හ්යොන්ග් මීට පැය භාගයකට පමණ කලින් ජන්ග්කුක් ඔහු seduce game එක දිනපු බව පවසන විට ජන්ග්කුක්ගේ මුහුණ crush එක ඉස්සරහා ලැජ්ජාවෙන් ඇඹරෙන teenager කෙනෙකුගේ මෙන් රත්පැහැ ගැසුන ආකාරය සිහිපත් කළා. ජන්ග්කුක්ව එලෙස දැකීම ඉතාමත් දුර්ලභ දෙයක් විය. ඔහුගේ බොස් තමා වෙත පළමු වරට හදවත විවෘත කිරීම පිළිඹඳව ටේ හ්යොන්ග් ඉමහත් සතුටින් පසු විය. එපමණක් නොවේ ජන්ග්කුක් ඔහුව විශ්වාස කළ බවද ඔහුට පැවසුවා. මේ සියල්ලක්ම ටේ හ්යොන්ග්ගේ සිතට ගෙනදුන්නේ සතුටකි.

ටේ හ්යොන්ග්ට ඔහුට ඉදිරියේ තිබූ අසුණේ මව සමඟ සෙල්ලම් කරමින් සිටි කුඩා ගෑණු ළමයෙක් දැකගත හැකි විය. ඇය ඇයගේ මවගේ උකුලෙන් බිමට බැසීමට උත්සාහ දරද්දී මව නැවතත් ඇයව ඔසවා උකුලේ තබා ගත්තා. අලසව ගමන් කළ බසය තුළ නොදන්නා මුහුණු අතර මෙවැනි දසුනක් හෝ දැකීමට තිබීම ඇත්තෙන්ම ඉතාමත් හොඳ දෙයක්. ටේ හ්යොන්ග්ගේ අදහස වූයේ කුඩා දරුවන් සමඟ සිටීම ඔවුන්ගේ සිනහව දැකීම ඔහුගේ ආත්මයට සැන්සීමක් ගෙනදෙන බවයි, ඔහුගේ ඇතුළාන්තයේ සිටි කුඩා දරුවා සතුටින් උඩ පැන්නා. ටේ හ්යොන්ග්නුත් ඔහු ඉදිරියේ සිටි දැරිවිය සහ මව සමඟම සිනහසුනා.

ජන්ග්කුක් ටේ හ්යොන්ග් හට අවශ්‍ය නම් කාරයක් පවා ලබා දිය හැකි බව පැවසුවා, නමුත් ඔහු කෙසේද එවැනි දෙයක් ඉල්ලා සිටින්නේ. ඒ ඔහු ලොතරැයියක් දිනුවා නොවෙයි ඔහු ඔහුගේ බොස්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූවා පමණයි. ඉතින් එවැනි දෙයක් වෙනුවෙන් කාරයක් ඉල්ලුවේ නම් එය ඔහු ඔහුටම කරගත් වංචාවකි. ඔහුට කාරයක් අවශ්‍යයි. නමුත් ඒ ඔහුගේම මුදල් වලින්. ඔහු තව මාස පහ හයක් රැකියාවේ නිරත වීමෙන් පසු, ඔහුගේ පවුලේ ණයබරින් නිදහස් වීමෙන් පසු තමාටම කාරයක් මිලදී ගත හැකි බව ටේ හ්යොන්ග් දැන සිටියා. එනිසා ඔහු එතෙක් ඉවසනවා.

ටේ හ්යොන්ග් මින් යූන්ගිගේ රුව සහිත දැන්වීම දෙසටද මද සිනහවක් සමඟ බැල්මක් හෙලා ඔහුගේ නිවසේ දොරකඩට පැමිණියා. නිවස තුළින් නැගුණු සිනහා හඬවල් මිශ්‍ර රසවත් කෑම සුවඳ ඔහුට සතුටක් ගෙන ආවා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now