✨️Chapter 24✨️

1.8K 427 215
                                    

ජන්ග්කුක්ගේ කලු පැහැති Mercedes මෝටර් රථය සැන්දෑවේ දැඩි මාර්ග තදබදය මධ්‍යයේ අනෙක් වාහන පසු කරමින් නගරයේ නැගෙනහිර දෙසට ඇදී ගියා. ඔහුගේ එක් අතක් ලිහිල්ව කාරයේ ජියරය මත තිබූ අතර දෑස් මාර්ගයට යොමුව පැවතියා. " මෙතනින් වම් පැත්තට නේද?"

" ඔව් වම් පැත්තට" ටේ හ්යොන්ග් මාර්ගය දෙස විමසිල්ලෙන් බලමින් පැවසීය. ඔහු මීට පෙර ජීමින් සමඟ මෙහි පැමිණ තිබුණි. ඒ දිගු කළකට පෙර නොවූවත් ඔහු මෙහි පැමිණ මාස කිහිපයක් ගතව තිබුණි. එනිසා ඔහු ඔහුගේ මිතුරියගේ tattoo shop එක පැවති ස්ථානය හොඳින් දැන සිටියා. " මෙතන. ඔයාට පේනවද අර neon බෝඩ් එක. 'Ink- it'?"

ජන්ග්කුක් හ්ම් නද පිටකළා. එය කුඩා එකක් වුවත් ප්‍රධාන මාර්ගයේ සිට දැකගත හැකිවිය. ජන්ග්කුක් මාර්ගයේ කෙළවරක කාරය නැවැත්වීය. ටේ හ්යොන්ග් ඉස්සර වී ජන්ග්කුක්ව සාප්පුව කරා කැඳවාගෙන ගියා.

" Heyy Lisa!" සාප්පුවේ දොර විවෘත වනවාත් සමඟම ටේ හ්යොන්ග් උද්‍යෝගයෙන් කෑ ගැසුවා. ඇතුළත අසුන් ගෙන සිටි ඔහුගේම වයසේ තරුණියක් ටේ හ්යොන්ග්ගේ කටහඬ ඇසෙනවාත් සමඟම අසුනින් නැගී සිට ඔහුට මුහුණේ ඇඳි සිනහවක් සමඟ ආචාර කළා. ඇය ඔහුව එකවරම වැළඳගත්තා. " Miss me pretty?" ටේ හ්යොන්ග් සිනහාසෙමින් විමසද්දී ඇය ටේ හ්යොන්ග් වටා තිබූ ග්‍රහනය තවත් දැඩි කළා.

" ඕක අහන්නත් දෙයක්ද? ඔයාට කොහොමද buddy? එතකොට jim? ඔයාට තවමත් අර minjae ගැන තිබුණු crush එක තියනවද?" ටේ හ්යොන්ග් ලැජ්ජාශීලී ලෙස සිනහාසුනා. ඇය ටේ හ්යොන්ග්ව වැළඳගැනීමෙන් නිදහස් කර ඔහු පිළිතුරු දීමටත් ප්‍රථම ටේ හ්යොන්ග් සමඟ පැමිණි අනෙක් තරුණයා දෙසට හැරිණි. " Hi!"

" මේ ජන්ග්කුක්, මහේ boss. එතකොට ජන්ග්කුක් මේ ලීසා, මං කියපු යාලුවා." ටේ හ්යොන්ග් සාමාන්‍ය පරිදි ඔවුන් දෙදෙනාව හඳුන්වා දුන්නා.

ජන්ග්කුක් දෙදෙනාගේ මිත්‍රත්වය දෙස ආසාවෙන් බලා සිටියා. ඔවුන් දෙදෙනා කෙතරම් සමීපද, එතකොට මේ Minjae කියන්නේ කවුද? ඔහුට කුතුහලයක් පැන නැගිනි. ජන්ග්කුක් ලීසා හට එතරම් උනන්දුවක් නොමැතිව 'හායි' කියා පවසා සාප්පුවේ බිත්ති වල ප්‍රදර්ශනය කොට තිබූ tattoo designs මද වේලාවක් අධ්‍යනය කරමින් සිට ලීසා දෙසට හැරී කතා කරා. " ඔයාට පුලුවන් මගේ අතේ මලක tattoo එකක් අඳින්න?"

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Where stories live. Discover now