අග්නි 1

5.4K 570 490
                                    

ඒ වනාහි දිවා සූර්යය රශ්මියෙන් පීඩාවට ජනයා ගැවසි කාර්යබහුල වෙළෙද වීදියක් විය. වෙළෙන්දන්ගේ ඝෝෂාවෙන් හා කේවල් කිරීමෙන් පිරි ගොසින් තිබුණු වෙළෙද වීදියෙහි නිදහසේ ඇවිද ගියේ විසි හැවිරිදි වියේ පමණ පසුවූ තරුණයකි.

අරෝහ පරිණාහ දේහයකට හා තියුණු දෑස් හා දාරවලින් හෙබි කඩවසම් මුහුණතකට හිමිකම් කී තරුණයාගේ ඇවිදීමෙහි වූ අවිධිමත් බව කඩවසම් බවට බාධාවක් ඇති කලේය. හැඩපළු ගෙතී තිබුණු ඔහුගේ හිස කෙස් හිස මුදුනතට කර බැද තිබුණේ වෙයි. ඉන් ගිලිහුණු කොට අවිධිමත් කෙස් කැරළි නළල් තලය මත දග කරමින් තිබුණි. වැරහැලිව ගිය කපු රෙදිවලින් සකස් වූ වස්ත්‍රයන් අවිධිමත්ව තරුණයාගේ කය වඩා දැවටී තිබුණේ වෙයි.

ඉණ වටා තිබූ ගෝන සමින් සකස් කල බද පටියෙහි එල්ලෙමින් තිබූ කුඩා උදු ගෝනිය , ගෙවී ගොසින් තිබූ වාන් පතුල් , වර්ණ වියැකි ගොසින් තිබූ රළු කපු රෙදි තරුණයාගේ දුගී භාවය සියුම්ව ඉස්මතු කරවීය . අන් කිසිදු දෙයක් පිළිබද සිය අවධානය යොමු නොකිරීමට වෙහෙස නොවූ තරුණයා වෙළෙද සල් ඔස්සේ අැවිද ගියේ බීමත් පුද්ගලයෙකු පරිද්දෙනි. සිය බද පටියෙහි වු ලබු කැටයෙහි තිබූ ජලය අහවර වී ඇති බව වටහා ගත් තරුණයා කුඩා වෙළෙද නගරය මධ්‍යයේ වූ ශෛලමය ජලමල වෙල ඇවිද ගියේ ය.

ජලමල අසළ වූ කාන්තාවන් දුටු ඔහුගේ මුව දීප්තිමත් සිනහාවකින් එළිය විය.
ඔහු සිය ලබු කැටය ජලයින් පුරවාගන්නා අතරේ කාන්තාවන්ගේ බසට සිය සවන් යොමු කලේ සෙමිනි. එසේ කිරීම සදාචාරයට පැටහැනි වග ඔහුට කෙලෙසකවත් අදාළ නොවූ කරුණක් විය. ඔහු සෑම විටම " අශ්ශීල සල්ලාලයෙකු '' සේ නම් දරා සිටියේ ය.
ග්‍රාමීය වහර මුසුවූ කාන්තාවන්ගේ ඕපාදූප ද තරමක තොරතුරු සපයන මූලාශ්‍ර ලෙස ඔහු දුටුවේ වෙයි.

'' දන්නවැයි අලුත්ම ආරංචිය ? , තොටපල ඔටුන්න අයිති කුමාරයා පංච අසපුවලින් තෝරගෙන තියෙන්නේ දීඝ අසපුවලු.. ''

'' දීඝ අසපුවේ ඇත්තෝ තමයි ඒ කුමාරයාට හරියන්නේ.. '' පසෙක සිටි එක් වියපත් කාන්තාවක් පැවසුවේ අන් සියල්ලන්ම ඇය හා සිනාසෙද්දීයි.

'' තොටපල රද්කොල් ඇත්තෝ ගිරි අසපුවේ ඇතෑරලා දීඝ අසපුවේ ලැගුම් ගන්නවා කියන්නේ ඉතින් , ..... '' කාන්තාව තමා පවසමින් සිටි දෙය නවත්තවා සිනාසුනේ සිය කාල - රක්ත මැටි ජලබදුන උකුලට ගනිමිනි.

♛ අග්නි ♛Where stories live. Discover now