අග්නි 45

1.6K 394 314
                                    

'' ක්-කරුණ්ණාකර යන්න එපා... ම-මට බ් -බයයි.. '' කුඩා දරුවෙකු සිය මිතුරාගේ අතින් අල්ලාගනිමින් පැවසුවේ ය. ඔවුන් දෙදෙනාම සම උස වූ අතර වළගැසෙන කොපුල් හිමි දරුවා අලංකාර ධවල , රත්‍රන් පැහැ වස්ත්‍රවලින් ද අනෙක් දරුවා අළු පැහැති වස්ත්‍රවලින් ද සැරසී සිටි අතර ඔහුගේ මුහුණ අතිශයින්  සුදුමැලි පෙනුමක් ගත්තේ ය.

'' ආ.. දැනටමත් මා පුහුණුවීම් සදහා ප්‍රමාදයි...... ඔය කෙදිරිල්ල නවත්වනවා....... ඇයි ඔබ මෙලෙස ? '' ධවල වර්ණ වස්ත්‍රවලින් සැරසී සිටි දරුවා නොරිස්සීමෙන් විමසුවේ අනෙක් දරුවාගේ හස්තය ගසාදමමිනි .

'' ඉහි.. ම්හි... ස්-ලෝධ්ජ...බැන ව් ව-දින්න එපා... ම්හි... ඈ..... හෑෑ...... ඉම්හි... ම්හි.... හෑ......'' අනෙක් දරුවා මුහුණ ඇඹුල් කරගනිමින් හැඩුවේ ය.

'' අර්ර්... හොදයි එසේ නම් අප සැගවීමේ ක්‍රීඩාව කරමු..... නැගී සිටින්න ඉදින් යමු... '' වළ ගැසෙන කොපුල් හිමි දරුවා තරමක් නොරිස්සීමෙන් පැවසුවේ ය .

'' හි..අහි .. සැබෑවටම ද ? ..හි... ඔබ හොද්යි ස්ලෝ-ධ්ජ... '' අනෙක් දරුවා සුරතල් ලෙස සිනාසෙමින් පැවසුවේ ය.

'' එය සුලෝධජ !!! ''

'' එසේ ත්-තමා ප්පැවසුවේ.. ස්-ලෝධ්ජ.... '' අනෙක් දරුවා පැවසුවේ ය .

'' හොදයි එසේ නම් මා දහය තෙක් ගණින තුරු ඔබ සැගවෙන්න... මා පැමිණෙන්නම්.... දහයට ගැනීමෙන් පසු ?  වැටහුණා ද ? කෝ ඉදින් පිටවන්න... '' ධවල , රත්‍රන් පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි දරුවා අනෙක් දරුවා වන පෙත දෙසට තල්ලු කරමින් පැවසුවේ ය.

'' වැටහුණා...හී,.. '' අනෙක් දරුවා  සුරතල් ලෙස සිනාසී හිස සලමින් පැවසුවේ ය .

.
.
.
.
.
.

'' ඔබ ප්‍රමාදයි... '' තරමක් උස දේහදාරී ශරීරයකට හා , මුහුදු රළවන් ලිහිල් කෙස් වැටියකට හිමිකම් කී තඹර පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි මුනිවරයා පැවසුවේ ය. ඔහුගේ ස්වභාවය අතිශයින් තේජවන්ත වූ අතර , සෞම්‍ය ස්වභාවය ද කැටි වූවක් විය. ඔහු සන්සුන් පද්මාසන ඉරියව්වෙන් අසුන්ගෙන සිටියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now