අග්නි 78

2.2K 345 294
                                    

[ විපරීත මනසක් තිබේ නම් වයස අදාළම නැති බැවින් , වගකීම තම තමන්ගේ හිස මත තබාගෙන කියවන්න . ]

'' මිධුනාථ .. '' සුලෝධජ තමා වෙත ආමන්ත්‍රණය කරන ආකාරය ඇසුණ ද මිධුනාථ පිළිතුරු නුදුන්නේ ය.

'' මිද්දෝ - ඕ..... . නැගී සිටින්න ඉදින්.. දැන් කොපමණ වෙලාවක් සිට ද ? '' තමා තවමත් කුටිය මධ්‍යයෙහි අසුන් ගෙන සිටි නිසාවෙන්  සුලෝධජ පවසනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු කුටියෙහි කුඩා පහන් එකින් එක දල්වා අවසානයේ සිය දම්වැල් සහිත හිස්පළදනාව ද ගලවා පසෙකින් තබා කෙස් වැටිය ලිහා දමනු ද මිධුනාථ බලා සිටියේ ය .

පහන් ආලෝකය අතරින් ආලෝකමත් වී තිබූ කුටියෙහි සුලෝධජගේ පිට හරහා ඉණ තෙක්ම දිගු කෙස් වැටිය මුදා හැරෙනු මිධුනාථ බලා සිටියේ ය.  ලිහිල් වූ කෙස් වැටිය සහිතව සුලෝධජ කෙතරම් සුන්දර වූ මුත් තමා මෙහි අගතියට පත්ව සිටි වග මිධුනාථ තමා වෙතම පවසා ගත්තේ ය. තවමත් කම්පනය තමා හැරගොස් නොමැති වග මිධුනාථ වටහා ගත්තේ ය. 

අවසානයේ සුලෝධජ සුසුමක් හෙළා තමා අසළට පැමිණ බිම දණක් නවා අසුන් ගන්නා තුරුම මිධුනාථ වදනකුදු නොපැවසුවේ ය. ඔහු සුලෝධජ දෙස කුඩා දරුවෙකු සේ සිය කදුළු පිරි දෙනෙත් යොමු කළේ ය.

'' හපූ... කුමන නිර්ලජ්ජිත ක්‍රියාවක් ද හැඩීම ? '' සුලෝධජ එවර විමසුවේ කුඩාදරුවෙකුගේ මෙන් මිධුනාථගේ හිස පිරිමදිමිනි .

මිධුනාථ පිළිතුරු වශයෙන් කිසිවක් නොපවසාම සුලෝධජ තමා දෙසට ඇද ඔහුව ගැඹුරු ලෙස සිපගැනීමකට නතු කරගත්තේ දෙවරක් නොසිතමිනි . සුලෝධජ ද පෙරළා තමාව ගැඹුරු ලෙස සිපගනු මිධුනාථට දැනුණු අතර ප්‍රථම වතාවට ඔහු සුලෝධජ වෙත සිය දෙතොලෙහි සම්පූර්ණ පාලනය පවරා තත්පර කිහිපයකට දෑස් වසා ගත්තේ ය.

සුලෝධජගේ සිපගැනීම් තවත් ගැඹුරු වෙද්දී මිධුනාථ ඔහු තවත් තමා දෙසට ඇද , පෙරළා ඔහුගේ දෙතොල් හා සටන් වැදීම ආරම්භ කලේ ය. තමා විසින් නොදැනීම සුලෝධජ ඔසවා සිය සිරුර මතට ගෙන තිබූ වග ද මිධුනාථ වටහා ගත්තේ ය.

'' ඒ සැබවින්ම මහීධ ??? එසේ ද ?  '' මිධුනාථ නැවතත් අවිශ්වාසයෙන් විමසුවේ සුලෝධජගේ මුහුණෙහි කුඩා සිනහාවක් ඇදී යද්දී යි .

♛ අග්නි ♛Where stories live. Discover now