අග්නි 4

2.1K 493 213
                                    

ඔහුට රිසි පරිදි ස්නානය කිරීමෙන් පසුව අග්නි අශ්ව ස්තාලයෙහි පිදුරු ගොඩ මතින් අසුන් ගත්තේ පද්මාසන ඉරියව්වෙනි. මිධුනාථයන්ගේ මානසික ප්‍රහාරය ඔහු සිතුවාටත් වඩා ඉහළ තලයේ විය . අග්නි සිය දෑස් පියාගත්තේ ගැඹුරු ශ්වසන නිළයන් වෙත සිය අවධානය කෙමින් යොමුකරමිනි. එක් හුස්මකටම විනාඩියක් ලබා දීමටත් තත්පර තිහක් ආශ්වාසය සදහාත් තත්පර තිහක් ප්‍රාශ්වාසය සදහාත් වැය කිරීමට අග්නි සැලසුම් කළේ ය .

කෙමින් කෙමින් ඔහුගේ හානි වූ චක්‍රයන් නැවත ස්ථායි වනු ඔහුට දැනුණි. අග්නි සැබවින්ම සාමාන්‍ය පුද්ගලයෙකු නොවීම ඔහුගේ වාසනාව විය. නැතිනම් මේ වන විට මිධුනාථගේ මානසික ප්‍රහාරය හමුවේ ඔහු සම්පූර්ණ උමතු පුද්ගලයෙකු වී හමාර විය යුතුය. අග්නිගේ සිරුර වටා රතු පැහැ කුඩා ආලෝක ධාරාවක් පැතිරෙන්නට විය. ඒ වනාහි මූලාධාර චක්‍රයයි..අග්නිගේ මූලාධාර චක්‍රය සැබවින්ම තරමක් බලගතු විය. වෛශව අසපුවෙහි සියුම් මදනල හා ඔහු සිය ශ්වසන අභ්‍යාසයන්හි නිරත වීමට විය. ඔවුන් භාවනාවෙහි යොදාගන්නා ඉලක්ක ස්ථානයන් අනුව උපයාගත හැකි ශක්තිය වෙනස් වූයේ වෙයි. දියුණුතම මානසික මට්ටම්වල සියලු දෙනා පුරුදු කරන්නේ සෛලීය මානසික ඉලක්කයයි.

එක් සෛලයකට අවධානය යොමු කීරීමෙන් සියලු පරිවෘතිය හා අපවෘතිය ක්‍රියා පාලනය කිරිමට අධි ධ්‍යාන හිමි ඍෂිවරුන්ට හැකි විය. ජීවය සදහා අවැසි එකම කරුණ ආශ්වාසය පමණක් නොවන බව ඔවුන් වටහා ගෙන සිටියෝය. එලෙස ආශ්වාස පමණක් නම් මිනිසුන්ට අවැසි පමණ ශ්වසන වාතය තිබෙන තෙක් කිසිදු මිනිසෙකු මිය නොයනු ඇත. එම නිසාවෙන් සිරුරෙහි වූ විශ්ව ශක්තිය හැසිර වීමෙන් ඔවුන් ඉහල ධ්‍යාන ලබා ගැනීමට විය.

අග්නිගේ අවධානය බිදී ගියේ ළගම ඇසුණු පියවර හඩිනි. ඔහු සිය සිරුර වටා වූ මූලාධාර චක්‍රයෙන් නික්මුණු රතු පැහැ එළිය බිද දැමුවේ කලබලයෙනි. තමා තවත් එක් සාමාන්‍ය සේවකයෙකු නොවන බව එළිවීම සුබ කරුණක් ලෙස ඔහු නුදුටුවේය . දුගී වැසියන් වෙනුවෙන් කිසිදු අසපුවක් ඉදිරිපත් නොවී ය . රහසේ මනස පුහුණු කිරීම ද බරපතල වරදක් ලෙස සැලකුණි.

♛ අග්නි ♛Where stories live. Discover now