අග්නි 63

1.8K 362 440
                                    

මිධුනාථ පිටතට පැමිණියේ සිය අසිපත ද හම් පටිය අධාරයෙන් සිය පිටෙහි එල්ලා ගනිමිනි. සුග්‍රීව , ථිත මෙන්ම සියලු දෙනා ඔහු පැමිණෙනතුරු රැදී සිටියේ ය.

සුග්‍රීව , තමා දෙසට තරමක් විස්මය පිරි බැල්මක් හෙළනු මිධුනාථ දුටුවේ ය. නිසැකවම මිධුනාථ කිසිදු විටෙක ප්‍රමාද වී කටයතු කරන අයෙකු නොවී ය. භීෂ ද තමා වෙත උපහාසාත්මක බැල්මක් හෙළනු ද මිධුනාථ දෑසගින් දුටුවේ ය.

'' කිම ද මිධුනාථ... පොකුණට ඇද වැටුණා ද ? '' භීෂ උපහාසයෙන් විමසුවේ මිධුනාථගේ තෙමී ගිය වස්ත්‍ර දෙස ඉහළ සිට පහළට බලමිනි .

' තමුන්ගේ කාර්යයක් කරනවා !! '' මිධුනාථ ගිගිරුවේ ය.

'' ඕ ඕ.. බොළද ප්‍රේමවන්තයා කෝපගෙන.. '' භීෂ නැවතත් මිමිණුවේ මිධුනාථ කෝපගන්වමිනි. ඊළග මොහොතේ මිධුනාථ එල්ල කළ පහරෙන් භීෂ පසෙකට විසිව ගිය අතර ඔහු මිධුනාථ දෙසට කෝපාන්විත බැල්මක් හෙළුවේ ය.

'' ඇසළ කුසුම් නැළවෙන තාලයටම වැනෙන මඩ පැහැ දෑසෙහි පිපුණු තඹර පුෂ්පයක්ව..... '' මිධුනාථ උපහාසයෙන්  පැවසුවේ භීෂ වෙත උපහාසාත්මක සිනහාවක් හෙලමිනි. භීෂගේ ද ඇහිබැම රළුවනු මිධුනාථ දුටුවේ ය.

'' මිධුනාථ තා නීචයා !!!!!!!!!!! තමුන් එය කියවූයේ කෙසේ ද !!!!! !!!!!!!!!!!!!!!! '' භීෂ කෝපයෙන් කෑගැසුවේ ය. ඔහු කෝපයෙන් මිධුනාථට පහරක් ද එල්ල කළේ ය.

'' චහ්.. වටහා ගත නොහැකි හසුන්පත් ලිවීම.... ඇයට මිලදී ගත් ආභරණ , සුවද විලවුන් ලබා දීමට මැලිව කුටියෙහි ගබඩා කරගෙන සිටීම.., ඇසළ මල් කිනිතිවලින් මල්මාලා ගෙතීම.....චහ්.. කව්රුන්ද එවිට බොළද ප්‍රේමවන්තයා ????  '' මිධුනාථ වදනින් වදන පැහැදිලි කර දෙමින් උපහාසයෙන් විමසුවේ ය.

'' භීෂ ??? ඔබ ?  '' සුග්‍රීව ද සෞම්‍ය ලෙස සිනාසී භීෂ වෙත හෙළුවේ ය. ඔහු සෞම්‍ය ස්වරයෙහි වුවද තරමක උපහාසාත්මක බවක් කැටිව තිබුණි .

'' මා නම් සිතුවේ නැහැ.. භීෂ ?? '' අභය ද එවර හවුල් විය.

'' නීචයා !!! තමුන්ගේ අවසානය අද .. !!!! '' භීෂ සෙමින් මිමිණුවේ සුග්‍රීව නිසාවෙන් මෙහි ගැටුම් ඇති කරගැනීමට නොහැකි බැවිනි . අසිපත ද ඇතැතිව පිටතට ආ සුලෝධජ දැකීමෙන් භීෂ නිහඩ විය.

♛ අග්නි ♛Where stories live. Discover now