අග්නි 27

1.7K 419 484
                                    

අග්නි සහ මිධුනාථ එහි ළගාවන විටත් සියලු දෙනාම පාහේ සප්තකන්‍යාවට රැස්ව සිටියෝ ය. සප්තකන්‍යා කදුවැටිය , පෙර පරිදිම වූ නමුත් , මෙවර එහි සැලකිය යුතු වෙනස්කම් රැසක් දක්නට විය . ගියවර සටන් වටයේ දී වූ ප්‍රධාන පීඨිකාවට අමතරව තවත් තාවකාලික මණ්ඩප දෙකක් විශේෂයෙන්ම ඉදි කර තිබූ අතර , මධ්‍යයේ වූ පීඨිකාවද අලංකාර ලෙස සරසා තිබුණි . එහි පසෙකින් වාද්‍ය වෘන්දයක් ද විය . අලංකාර සැරසීම්වලින් මණ්ඩප සියල්ලක්ම අලංකාර වී තිබුණි . වර්තමාන රාජකීය තීර්ථයේ රද්කොළයන්ගේ සුවිශේෂී ස්වේත පැහැ පසුබිමෙහි සූර්යයා හා සිංහ හිස මිශ්‍ර වූ සලකුණ සහිත ධජ සප්තකන්‍යා භූමිය වටා ලෙල දෙමින් තිබුනි .

'' අග්නිඊඊඊඊඊඊඊඊඊ '' මිගාර දුවවිත් අග්නිගේ අතින් ඇද ඔහුව ඉදිරියට ගත්තේ ය. මිධුනාථ ද අග්නිගේ පිටුපසින්ම ඉදිරියට පැමිණියේ ය. භීෂ , මිධුනාථ දෙස බැලූ නමුත් කිසිවක් නොපැවසුවේ ය. ඔහු සුපුරුදු පරිදි අභය හා සිය කතාව නැවතත් ඇරඹුවේ ය.

වෛශව අසපු මණ්ඩපය අසල සුග්‍රීව හා ථිත දෙවන වටය සදහා සුදානම්ව සිටියේ ය. සුග්‍රීව රිදී පැහැ සන්තූර වාද්‍ය භාණ්ඩයක් සිය සුරතෙහි දරා සිටියේ ය. ඔහුගේ මුහුණ අතිශයින්ම සන්සුන් විය. ථිතගේ වස්ත්‍රයන් දීප්තිමත් ලෝහිත පැහැයෙන් යුක්ත විය. ඔහුගේ ඉදිරිපත් කිරීම සදහා ගැළපෙන අයුරින් ථිත සිය මුහුණෙහි ද ගුරුගල් ආලේප කර තිබුණි . මෙකී තරග වටයෙහි ජයග්‍රහණය නිසැකවම , කුවල්‍ය හෝ මයුර අසපුව වෙතට හිමිවන වග සියල්ලෝම දැන සිටියෝ ය. විශේෂයෙන්ම කුවල්‍ය අසපුව කලාත්මක හැකියා දරන්නන්ගේ තෝතැන්නක් බදු විය.

වම් පස ආලිංගනයෙහි අලංකාර ලෙස ඉදිකොට තිබූ කූඩාරම දෙසට සියලු මුනි ශිෂ්‍යයන් වරින් වර නෙත් හෙලන වග වටහා ගැනීමට අග්නිට අපහසු නොවුණි. සියලුම , මුනි ශිෂ්‍යයන් පරදමින් දීප්තිමත් වස්ත්‍රාභරණයන් හා , ආභරණවලින් සැරසුනු කුලීන තරුණියන් හා කාන්තාවන් මෙකී මණ්ඩපයේ ගාම්භීර ලීලාවෙන් අසුන්ගෙන සිටියෝ ය. ඔවුන්ගේ අතවැසි දාසියන් ද මණ්ඩපය පිටුපස රැස්ව සිටියෝ ය.

'' මිධුනාථ... '' අග්නි මිධුනාථව ඇමතුවේ ඔහුට වැලමිටින් අනිමිනි. මිධුනාථ රවා ඔහු දෙස බැලුවේ මෙහි හැසිරිය යුතු ආකාරය කුමැක් දැයි අග්නිට සිහිපත් කර දෙමිනි. අනතුරුව ඔහු  නැවතත් ප්‍රධාන පීඨිකාව දෙසට නෙත් යොමු කලේ ය. ඔහුගේ දෑස් ඒවන විට ප්‍රධාන පීඨිකාවේ රග දැක්වෙමින් තිබූ කලාත්මක අංගය දෙසටම යොමුව තිබුණි . ඔහු එක්වරක් හෝ වම් පස මණ්ඩපය වෙත නෙත් යොමු කලේ නැත. නමුත් වම්පස මණ්ඩපයේ නම් බොහෝමයක් දෑස් වරින් වර මිධුනාථ වෙත එල්ල වන වග අග්නිට ස්ථිරවම පැවසිය හැකි විය.

♛ අග්නි ♛Where stories live. Discover now