අග්නි 3

2.2K 500 270
                                    

අග්නිගේ කාලසටහනට අනුව ඔහු උදෑසනම අවදිව අශ්ව වසුරු ඉවත් කල යුතු විය. කොල්ලු හා යව යනාදි ඉස්තරම් ධාන්‍ය වර්ගවලින් අශ්වයන්හට සංග්‍රහා කිරීමෙන් අනතුරුව ඔවුන්ව පිරිසිදු කල යුතු විය.

නිහඩතාවය යනුවෙන් වදනක් අග්නිගේ වාග්කොෂය තුල නොවීය. කතාවෙහි යෙදීමට කිසිවෙකුත් නොවූ හෙයින් අශ්වයන් හා පිළිසදරක යෙදීමට ඔහු තීරණය කළේ වෙයි.

" ඒ දුඹුරු එකා.. උබ ගාව දුගදයි.. '' අග්නි නාසය ද හකුළමින් පැවසුවේ දැවමය බාල්දියෙන් ජලය දුඹුරු පැහැ අසුපිටට අතහරිමිනි. ඔහුගේ දිව මේවන විට සාමාන්‍ය ව්‍යවහාරයට හොදින් පුහුණුව තිබුණි . ඔහුගේ මේ ඝෝෂාකාරීබව සමස්ත ඇහැළ අංගනයටම නුපුරුදු විය.

අග්නිගේ ඇසින් ඇහැළ අංගනය යනු මිනිස් වාසයක් විය නොහැකි විය. අවම වශයෙන් මෙහි වෙසෙන්නන් හුස්ම ගන්නවාද යනවග ඔහුට සහතික නොවීය. බිසෝ අංගන අතුරින් අග්නිහට පිවීසීමට අවසර වූයේ ඛාදී දේවියගේ අංගනයට පමණි. එහිද ප්‍රධාන කුටිය වෙත පිවිසීමට ඔහුට අවසර හිමි නොවීය.

ඇහැළ අංගනය වෙත දිනපතා යොවුන් වියේ කුඩා දරුවන් දස දෙනෙකුගේ සිට දොළොස් දෙනෙකු දක්වා පැමිණෙන්නේ සිය මැණිවරුන් දැක ගැනීමට ය. ඔවුන් සියලු දෙනා ම්‍යාන මුනි තුමන්ට දාව උපත ලැබූ දරුවන් වෙයි. යොවුන් වියේ දරුවන් මෙලෙස පැමිණෙන නමුදු , තරුණ වියෙහි කිසිදු අයෙකු සිය මැණියන් බැලීමට නොපැමිණෙන වග තාලි විසින් ඔහුට පැවසුවා ය. එවිට ඔවුන් හැගීම් නොමැති ගල් පිළිම සේ වන වගත් කිසි දිනෙක මැණියන් බැලීමට නොපැමිණෙන වගත් ඇය පැවසුවා ය . යොවුන් දරුවන් දෙසට ද ඇය හෙලුවේ අනුකම්පා සහගත බැල්මකි.

'' දුර්වලයා නැති වෙනවා '' ඇය මිමිණුවා ය.

අග්නිගේ සිතට නැගුනේ මුනි කුලයන්හි ප්‍රතිපත්තීන්ය. ඔවුන් අැති තරම් දරුවන් සාදන නමුත් , අධික වෙහෙසකර මානසික අභ්‍යාස හා කායික අභ්‍යාසයන් හමුවේ තරුණ විය තෙක් ජීවත් වීමට අවස්ථාව හිමිවන්නේ බලවත් දරුවන්ට පමණි. කුඩා දරුවන්ට අවැසි වුවද නැති වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය යුතු විය. ධ්‍යාන වැඩීමෙන් රහස්‍ය සටන් කලා පුරුදුවීමත් යන සියල්ල දරාගත නොහැකි දුර්වල දරුවන් මියයාම හෝ ආබාධිත තත්වයන්ට පත් විය. මේ ක්‍රමය අග්නිගේ ඇසින් නම් අතිශය කුරිරු විය. මේ ක්‍රමය වෛශව අසපුවෙහි පමණක් නොව පංච අසපු තුලදීම ක්‍රියාත්මක වූ ක්‍රමයක් විය.

♛ අග්නි ♛Where stories live. Discover now