අග්නි 11

1.7K 425 310
                                    

ඔවුන් සිටි දෙසට ආ , භීෂ හා ඔහුගේ සහයට ඉදිරිපත් වූ සිසුවා අලුයම,  දහදියෙන් නැහැවී සිටි මිධුනාථ හා අග්නි දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවෝ ය . 

'' ඔබ ඔතරම් ගමනට බියෙන්ද මිධුනාථ ? හාහ්හාහා.. ඔබ දහදියෙන් නැහැවී ගොසින්.. සහයට වෛශව ශිෂ්‍යයෙකු කැදවාගෙන පැමිණීමට ඔබ තවමත් ප්‍රමාද නොවේ.. අප පියාණන්ට දැනගැනීමට තබන්නේ නෑ..  '' භීෂ පැවසුවේ උපහාසය ගැබ් වුනු හඩිනි. ඔහු සිය සහයට සිටි සිසුවා දෙස ද බලා මිධුනාථ වෙත උපහාසයෙන් සිනාසුණි .

මිධුනාථ නිහඩව භීෂ වෙත හැරුණි.

'' සැබවින්ම ? ඔබගේ වදවීමට ස්තූතියි භීෂ.. ඔබ මා ගැන මෙතරම් වද වන වග නම් මා දැන සිටියේ නෑ,. කම් නොවේ..  මා නම් පවසන්නේ ඔබට වුවද තවම සුදුසු පුද්ගලයෙකු සහය පිණීස තෝරාගැනීමට ප්‍රමාද නොවන වගයි.. ''   මිධුනාථගේ දෑස්වලින් පිටතට කෝපය හා උපහාසය වැගිරෙන්නාක් මෙන් අග්නිට පෙනුණි . මිධුනාථගේ '' සුදුසු පුද්ගලයෙකු '' යන රළු වදන් එල්ල වූයේ භීෂගේ පසෙකින් සිටි වැඩිමහල් සිසුවා දෙසයි .

'' නුඹ කාටද නුසුදුසු යැයි පැවසුවේ ? '' ඔහු කිපීමෙන් විමසුවේ ය .

'' මා  '' නුදුසුදු '' යනුවෙන් වදනක් භාවිත කලාද ? මිධුනාථ විමසුවේ අග්නි දෙස අඩක් සිය හිස හරවා බලමිනි.

අග්නි කල්පනා කලේ ය . ඔහු '' ඔව්'' යනුවෙන් පැවසුවහොත් මිධුනාථ අපහසුතාවයට පත් වනු නිසැකය . එවිට ඔහුගේ ඇහි බැමි රළුව , කම්මුල ද රතුව කෝපයෙන් ගුගරනු ඇත..කෙසේ නමුත් මිධුනාථ මෙලෙස කතා කලේ තමා වෙනුවෙන් වගත් අග්නිගේ මනසෙහි එක් පසක් ඔහුට සිහිපත් කර දුන්නේ ය . අග්නි ද එසේ වන බව පවසා මිධුනාථ අපහසුතාවයට පත් කිරීමේ ආසාව අපහසුවෙන් මැඩගෙන හිස දෙපසට වැනුවේ එසේ නොවන බව පැවසීමට යි. කෙසේ නමුත් මිධුනාථ අපහසුතාවට පත් කිරීමේ අවස්ථාව ගිලිහී යාම අග්නිගේ දෑසින් නම් සමාව - දිය - නොහැකි අපරාධයක් විය.

'' මිධුනාථ !!! තා අප හා සමවීමට උත්සහ නොදරනු...  '' භීෂගේ ස්වරය තරවටුවක ආකාරයේ විය.

'' නිහඩවනු භීෂ... '' මිධුනාථ ද ගිගිරුවේ ය . ඔහුගේ ඇහිබැම රළුව තිබුණි .

♛ අග්නි ♛Where stories live. Discover now