අග්නි 72

1.7K 380 385
                                    

'' තාලී... ?? '' තමා කිසිවක් පැවසීමට පෙර සුලෝධජ විස්මයෙන් හඩගානු මිධුනාථට ඇසුණි . එවර තාලී තරමක් විස්මයෙන් සුලාේධජ දෙනෙත් යොමු කළා ය.

'' ඔබ ?? ආහ්.. ... කමාකරන්න.. උතුමාණෙනි.. '' තාලි , දණ ගැසීමට සැරසුන ද සුලෝධජ ඉක්මනින් ඇයව වැළැක්වූවේ ය .

'' තාලි... බොහෝ කලකින්.. '' සුලෝධජ සතුටින් පැවසුවේ ය. මිධුනාථ ද තාලී දෙස බැල්මක් හෙළුවේ ය.

මිගාරගේ මරණය ඇය කෙතරම් වෙනස් කර තිබුණි ද යන්න මිධුනාථ පැහැදිලිව දුටුවේ ය. තාලි තැන්පත් විය . ඇය මුහුකුරා ගිය සෙයක් දිස් විය .

'' ඔබට කෙසේ ද ? '' සුලෝධජ විමසුවේ ය.

'' සුවෙන්.. උතුමාණෙනි.. '' තාලි සන්සුන්ව පැවසුවා ය. ඇයගේ දෑස් එවර සීහශාලී දෙස යොමුවනු මිධුනාථ දුටුවේ ය.

'' මේ ඇය ද ? '' තාලි විමසුවේ කදුළු පිරී ගිය දෑසින් සීහශාලී දෙස බලමිනි. මිධුනාථ වරක් පමණක් හිස සලා සීහශාලී බිමින් තැබුවේ ය.

'' අඥාන ස්ලෝ-ධජගේ සූර්ය පුෂ්පය.. සීහශාලී,.. '' සීහශාලී ඇයව හදුන්වා දෙමින් පැවසුවා ය. තාලි සිය කූඩය පසෙකින් තබා ඇය අසළින් පහත්ව දණ ගසාගත්තා ය. ඇයගේ මුහුණට වැටී තිබූ කැරලි කොණ්ඩය ද මදක් පසෙකට කළා ය.

'' ඇය එලෙසමයි.. '' තාලි හැගීම්බරව මිමිණුවා ය. සීහශාලී තමා දෙස බලනු මිධුනාථ දුටුවේ ය. ඔහු කලබල නොවන ලෙස තාලීට ඉගිකළේ ය.

'' කුමක් ද මෙහි සිදු කරන්නේ උතුමාණෙනි ? '' තාලි ගෞරවාන්විතව විමසුවා ය. ඇයගේ පැනය හමුවේ සුලෝධජ නැවතත් නිහඩ විය. ඇය සිය දෙනෙත් තමා දෙසට යොමු කළ ද තමා ද නිහඩව සිටි බැවින් කුමක් හෝ කරදයක් වග හදුනාගත් ඇය නිහඩ විය .

'' ඔබලා කැමති නම් මගේ ගෙපැලට... '

'' නොපැමිණෙන ලෙස පැවසුවත් මා පැමිණෙනවා.. '' සුලෝධජ තාලීට බාධා කරමින් මුරණ්ඩු ලෙස පැවසුවේ ය.

'' ගෞරවයක් උතුමාණෙනි.. '' තාලි නැවතත් සන්සුන්ව පැවසුවා ය.

'' නුඹ සැබවින්ම තාලි ද ???? නහවනවා අශ්ව වසුරු බදුනකින් නැවතත් උතුමාණෙනි යනුවෙන් ඇමතුවහොත්.. '' සුලෝධජ පැහැදිලි ලෙසම තර්ජනය කළේ ය. '' උතුමාණෙනි '' වදන තීර්ථ මාළිගය තුළ අනිවාර්ය වදනක් වුව ද ඔහු කිසිදිනෙක තමාගේ හදවතට සමීප පුද්ගලයන් වෙත එලෙස අමතන ලෙස නොපවසන වග මිධුනාථ දැන සිටියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now