අග්නි 13

1.7K 414 304
                                    

දිවා ආහාරය ගෙන අවසානයේ දී සියලු දෙනාම අශ්ව ස්තාලය අසල රැස්ව සිටියෝ ය . තවත් එක් දොඩම් ගෙඩියක් සුරක්ෂිතව අග්නි සතු විය . වෙනත් අයුරකින් පැවසුවහොත් කලකට පසුව තමා වෙත ලැබුනු ඇඹුල් දොඩම් ගෙඩි දෙකම එකවර කා අවසන් කිරීමට නොහැකි තරමට අග්නි ඇඹුල් දොඩම් සදහා කෑදර විය . සුග්‍රීව , අශ්වයන් අට දෙනෙකුම කුලියට ලබාගත්තේ අග්නි වෙත අශ්වයෙකු ලබා දීමට අවන්හල් හිමිතුල වූ විරෝධය නොසකලා හරමිනි. සාමාන්‍ය වැසියෙකු අසුපිට යාම ඔහුට අනුව කෙලෙසකවත් අනුමත කල නොහැකි දෙයක් විය . භීෂ හා අභයද අවන්හල් හිමි හා එකග විය . ඔහු අග්නි හා කුමක්දෝ අදෘශ්‍යමාන තරහක් පිරිමහනු දැකිය හැකි විය .

නමුත් , මෙවර සුග්‍රීවගේ තීරණය දැඩි විය . අග්නි පමණක් , පයින් ගමන් කිරීමෙන් සමස්ත කණ්ඩායම ප්‍රමාද වනු ඇති වග ඔහු පැවසුවේ ය . ඔහු සිනාසී අශ්වයාගේ තෝන් ලණුව අග්නි වෙත ලබාදුන්නේ සන්සුන් අයුරිනි.

'' කලබල වීමට ඇවැසි නොවේ..අග්නි... සැහැල්ලුවෙන් මේ ලණුව අල්වාගෙන සිටින්න පමණයි ඔබට තිබෙන්නේ... '' සුග්‍රීව උපදෙස් ලබාදුන්නේ අග්නි අසු ධාවනය පිළිබද නොදැනුවත් යැයි සිතමිනි. සැබවින්ම සේවකයෙකු අසු ධාවනය දැන සිටී යැයි සිතීම ද පදනමක් නොමැති කරුණක් විය .
අන් සියලු දෙනාම ඒ වන විට අසු පිට විය . අග්නි සිනාසී තොණ් ලණුව අතට ගත්තේ අශ්වයාගේ ගෙල ද මෘදුව පිරිමදිමිනි.

'' අග්නි... මම ඔබට උපකාර කරන්න ද ? '' මිගාර විමසුවේ සිය අසු හරවාගෙන අග්නි වෙත පැමිණෙමිනි .

'' ඔබ අසු පිට නගින්න මා තෝන් ලණුව අල්ලාගෙන සිටින්නම්.. මා හට එක් අතකින් අසු ධාවනය කල හැකියි.. '' මිගාර පැවසුවේ ආඩම්බරය මුසුවුණු හඩකිනි. මිගාර තොණ් ලනුව අල්ලාගෙන සිටි අකාරය සැබවින්ම ප්‍රශංසා සහගත විය.

ඔහු වෙත සිය එක් කම්මුලක් වල ගැසෙන සුළු සිනහවෙන් සංග්‍රහ කල අග්නි අසුපිට නැගුනේ ඉතා වේගවත් හා දක්ෂ අයුරිනි . අශ්ව ධාවනය , ඔහු නොදැන සිටි යමක් නොවී ය. ඔහුගේ අසු හැසිරවීම ද ප්‍රශස්ත මට්ටමක විය . ඔහු සිරුර සමබර කරගනිමින් අසුපිට නැගි ආකාරයත් , තොණ් ලණුව නියමිත පරිදි සකස් කර ගත් අන්දමත් , ඔහු තෝණ් ලණුව ඇදීමෙන් අසු හරවා ගත් ආකාරය දුටු මිගාරගේ මුවින් සිවුරුහන් හඩක් නික්මුණි .

♛ අග්නි ♛Where stories live. Discover now