අග්නි 23

1.6K 404 342
                                    

අග්නි විශාල පළු ගසෙහි අත්ත මත සිටගත්තේ ය. ඔහුගේ නාසයෙන් පහළ තද පැහැ රෙදි කඩකින් වැසී තිබුණි . ඔහුගේ තියුණු දෑස් , තමාට පහළින් වූ කුඩා අඩිපාර වෙත ඍජුව එල්ල වී තිබුණි . වමතෙහි වූ අසිපත හරහා ඔහුගේ දෑගිලි නොඉවසිල්ලෙන් ඔබමොබ චලනය වූ අතර , සිය අනෙක් හස්තයෙහි ආබාධය නොපෙනන පරිදි අග්නි එය ද ආවරණ කරගෙන සිටියේ ය.

තරමක් දුරින් අැසුණු හඩට ඔහු ඉක්මනින් සිය අවධානය යොමු කලේ ය. සුදු සහ හරිත වර්ණ වස්ත්‍රයන් ඔහු පළමු බැල්මෙන්ම හැදන්නේ ය.
අග්නිගේ අනෙක් පස තිබූ විශාල පුස් වැලද ඔහුගේ දෑසට හසු විය. එය ඔහුගේ සම්පුර්ණ බර දරාගැනීමට ප්‍රමාණවත් වග අග්නිට හොදින්ම විශ්වාස විය.

හරිත වර්ණ වස්ත්‍රවලින් සැරසි මුනි ශිෂ්‍යයන් දෙදෙනා තමා සිටි ගසට පහළින් ගිමන් හැරීම පිණිස නවතිනු අග්නි දුටුවේ ය. ඔවුන් කව්රුන් හෝ පැමිණෙන තුරු බලා සිටින වග අග්නිට පැවසිය හැකි විය . නිසැකවම ඔහු මේ සිටි පළු ගස වනයෙහි එක් සලකුණු සහගත ස්ථානයක් විය .

ඔවුන් කිසිවක්ම සිතාගැනීමටත් පෙර අග්නි අසුරු සැනින් පුස්වැල ආධාරයෙන් බිමට පැන එක් ශිෂ්‍යයෙකුගේ ගෙලට අසිපත තබා ඔහුව පසෙකට කරගත්තේ ය. අනෙක් සිසුවා අැසිපිය සලන විටත් , අග්නි සිය ගරිල්ලා ප්‍රහාරය හමාර කර විය. ඔහුගේ අසිපත පිටතට ඇද නොතිබුණද ඉහල තලයේ ලෝහයෙන් සකස් කොට තිබූ අසිපත් මිට මුනි ශිෂ්‍යයාගේ ගෙලට තරයේ තදව තිබුණේ ය.

'' තමුන් පලායාමට තැත් කලහොත් , මොහුව මෙහිම අපායට යවනවා '' අග්නි රෞද්‍ර ලෙස පැවසුවේ ය. ඔහුගේ ස්වරයෙහි පෙර වූ  සැහැල්ලු  බව මෙවර නොවී ය. එය රළු හා භයානක වූ අතර , පැහැදිලි අනතුරු ඇගවීමක්ද ගැබ්ව තිබුණි . අග්නිගේ ග්‍රහණයේ සිටි ශිෂ්‍යයා දෙස බියමුසු ලෙස බැලූ අනෙක් ශිෂ්‍යයා ද ඉක්මනින් යටත් වූවේ ය.
අග්නි කිසිවක් පැවසීමට පෙර ඔහු බියෙන් අනෙක් පස හැරී දිවීමට විය. අග්නිද ඔහුව නොතැකුවේ ය. දැනටමත් ඔහුට අවශ්‍ය පුද්ගලයා ඔහුගේ ග්‍රහණයෙහි විය.

'' නිවටයා.. '' පලාගිය ශිෂ්‍යයා දෙස බලමින් අග්නි මිමිණුවේ ය.

'' කව්රුන්ද තමුන් ? '' තමාගේ ග්‍රහණයේ සිටි , තරුණයාගේ ස්වරය වෙව්ලුම් කෑ අයුරු අග්නිට හොදින්ම ඇසිණ.

♛ අග්නි ♛Where stories live. Discover now