අග්නි 67

1.9K 373 476
                                    

මිධුනාථ ක්ෂණිකව සිය අසිපත ද පිටතට ගත්තේ ය. සුලෝධජ ඍජුවම තමා ඉදිරියට එනු ඔහු බලා සිටියේ ය. චක්‍රාධාරක වළල්ල හැර අවට කෑලි කැපිය හැකි අදුරක් වූ අතර මිධුනාථ සිය අසිපත දැඩිව ග්‍රහණය කරගත්තේ ය.

සුලෝධජ තමා අසළටම පැමිණිය ද  මිධුනාථ වෙත පහර නුදුන්නේ ය. ඔහු ඒ වෙනුවට මිධුනාථගේ සුරතින් අල්ලාගෙන ඒ මතින් සිය අසිපත තැබුවේ ය. ඔහුගේ දෑත් තරමක් වෙව්ලූ වගත් දෑස් ද රත් පැහැ ගැන්වී ඇති වග මිධුනාථ නිරීක්ෂණය කළේ ය.

'' මිධුනාථ.. '' සුලෝධජගේ දුර්වල හඩ මිධුනාථගේ දෙසවන් හරහා ගියේ ය. ඔහු සිය අසිපත පසෙකට කළේ ය.

'' මෙය ගන්න.. මරා දමන්න... අබාධිත කරන්න.... අන්ධ කරන්න නැති නම් ඕනෑම දෙයක්... සිදු කරන්න.... '' සුලෝධජ පැවසුවේ සිය අසිපත මිධුනාථ වෙත ලබා දෙමිනි . ඔහු දැඩිව තමාගේ හස්තය ග්‍රහණය කරගත් වග මිධුනාථට වැටහුණි .

'' තමුන් උමතුවෙන් ද ? '' මිධුනාථ නොරිස්සීමෙන් සුලෝධජ පසෙකට තල්ලු කර පියවරක් පිටුපසට විය . ඔහු තවමත් සිදුවන දෙය වටහා ගත නොහැකිව බලා සිටියේ ය.

'' මිධුනාථ.... '' සුලෝධජ නැවතත් හඩගෑවේ ය.

'' තමන් සමග කතාවක් නොවේ.. මෙතනින් පිටවනවා !!! '' මිධුනාථ පහව නොගිය කෝපයෙන් ගිගිරුවේ ය. ඔහු සුලෝධජ මගහැර අනෙක් පසට ගමන් කිරීමට තැත් කළ ද සුලෝධජ පැමිණ මිධුනාථගේ ගමන් මග අවහිර කළේ ය.
 
සුලෝධජ තමා ඉදිරියේ දණ ගසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු පැකිළීමකින් තොරවම දණ නැමුවේ ය. හිස ද බිමට නැමුවේ ය. මිධුනාථ තරමක කම්පනයෙන් පියවරක් පසුපසට තැබුවේ ය.

'' කරුණාකර.... මා පවසනවා නොවේ ඇයැද සිටිනවා.. දණ ගැසීම නොමැති නම් ඕනෑම දෙයක් සිදු දරන්නම්..... ඇයව මගෙන් උදුරා ගන්න එපා.... මා හට කමා කරන ලෙස ඉල්ලන්නේ නැහැ මා... සමාව දිය නොහැකියි..... මා දන්නවා.. නමුත් ඇයව උදුරාගන්න එපා........... මිධුනාථ........කරුණාකරලා........  '' සුලෝධජ බිදී ගිය හඩින් පැවසුවේ ය.

ඔහු සිය වෙව්ලන වම් හස්තය සිය පපුව අසළට තබා තරකරගෙන සිටියේ ය. ඔහුගේ හඩෙහි වූ වේදනාත්මක බව මිධුනාථ දැඩිව කම්පනයට පත් කළේ ය. ඔහු ස්වේත වස්ත්‍රයක් සේ සුදුමැලිව ඇතිවග මිධුනාථ නිරීක්ෂණය කළේ ය. මිධුනාථ ක්ෂණිකව දෙවරක් නොසිතා සුලෝධජ අසළින් දණ ගසාගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now