අග්නි 34

1.6K 394 330
                                    

අවසානයේ දී හිරු උදා වනවාත් සමග අග්නි කදුරු කරුව ශුද්ධ කර අවසන් කලේ ය. එහි සියුම් කැටයම් කිහිපයක් කෙටීමට ද අග්නි අමතක නොකළේ ය. එය දෑතට සුමුදු වූ අතර, ශක්තිමත් කැටපෝලයක් වනු අැති වගද අග්නි අනුමාන කළේ ය. එයට ඇදුම් පටියක් සහ අවශ්‍ය ඉතිරි ද්‍රව්‍ය නුරු පුරින් මිලදී ගැනීමට සිතාගනිමින් අග්නි අසුන්ගෙන සිටි ස්ථානයෙන් නැගී සිටියේ ය.

පෙරදින රාත්‍රිය පුරාවටම එරමිණියා ගොතාගෙන අසුන්ගෙන සිටි බැවින් ඔහුගේ දෙපා හිරි වැටී ගොස් තිබුණේ ය. ඔහු නිහඩවම අනෙක් සියලු දෙනා සිටි වමාංශ ආලිංගනය දෙසට ගමන් කළේ ය. සියලු දෙනා එහි එළිමහනේ රැස්ව සිටියෝ ය.

'' අග්නි.. ඔබ කොහි ද සිටියේ  '' සියල්ලටම ප්‍රථම භීෂ විමසුවේ ය. අන් සියලු දෙනා ඔහු දෙස විස්මයෙන් බැලූ මුත් කිසිවක් නොපැවසුවේ ය. පෙර දින , ඔවුන් දෙදෙනා අතර දරුණු සටනක් සිදුවූ අතර , ඉන් සිදුවූ තුවාලයන් තවමත් ඔවුන්ගේ සිරුරුවල විය. භීෂගේ තොල අසල පැලී තිබූ අතර , අග්නිගේ ද හිසෙහි වූ තැල්ම එලෙසම විය. නමුත් , දැන් ඔවුන් මෙලෙස සුවදුක් විමසීම අනෙක් අයට පුදුමක් වීම සාධාරණ විය.

'' දක්ෂිණ ආලිංගනයෙහි..  '' අග්නි පිළිතුරු ලබාදුන්නේ අවිනිශ්චිත අයුරිනි . භීෂ හිස සලා අනෙක් පස බැලුවේ ය.

'' සංචාර සියල්ල අවලංගු කරන්න... නැවත නුරුපුර ලැගුම්හල වෙත පිටවෙමු .. රාත්‍රියේ ප්‍රිය සම්භාෂණය..'' භීෂ පැවසුවේ සන්සුන්වයි. සුග්‍රීව මෙහි නොමැති බැවින් ඔහු මෙහි වැඩිමලා විය. මිධුනාථ ද කිසිදු විරුද්ධත්වයක් නොපෑවේ ය. පෙරදින රාත්‍රියේ වර්ෂාවට තෙමී ගොසින් තිබූ ඔහුගේ කොණ්ඩය ද තවමත් තෙත සහිත වූයේ වෙයි.

අග්නි ද අසුපිට නැගුනු මුත් කිසිවක් නොපැවසුවේ ය. අනෙක් අය පිටව යනතුරු සිටි ඔහු අනුර්ධ අසපු පිවිසුම දෙසට දෑස් යොමු කලේ ය. එය වනගතව යමින් තිබුණි .

'' මෑණියනි., ගුරුතුමනි.. මා නැවත පැමිණෙනවා.. මේ අයුරින් නොවේ.. ඔබට සෑමදිනකම මා දැකීමට අවශ්‍ය වූ විලාසයෙන්.. '' අග්නි සිතින් පැවසුවේ අසපුව වෙත ආචාර කරමිනි. ඔහු සිය අසු හරවා අනෙක් අයව අනුගමනය කලේ ය. සිය අසුගේ සෑදෑලයෙහි එල්ලා තිබූ අසිපත ද සුරක්ෂිතදැයි අග්නි නැවත වරක් පරීක්ෂා කර බැලුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now