අග්නි 20

1.8K 422 435
                                    

භාසු සිය හස්තය පරීක්ෂා කිරීමට පෙර අග්නි සිය හස්තය පිටුපසට ගත්තේ ය .

' එය සුළු තුවාලයක්.. කුමකට ද මෙහි පැමිණයේ ? .. බොහෝ කලකින් මිත්‍රයා.. '' අග්නි අසීරුවෙන් පැවසුවේ ය . භාසුගේ දෑස් ඔහු වෙතම යොමුව තිබූ හෙයින් ඔහු එක් වරක් හෝ භාසුර දෙස නොබැලුවේ ය . ඔහු ඒ වෙනුවට ධීර දෙස බැලුවේ ය.

'' බොහෝ කලකින් තමා. මගේ අඥාන මිත්‍රයා.. '' භාසු පැවසුවේ අග්නි වෙත පැමිණ ඔහුව වැළදගනිමිනි. අග්නිද සිය නිරුපද්‍රත දෑතින් භාසුව වැළදගත්තේ ය . අඩ අදුරේ කිසිවෙකු එය නොදකින වග දෙදෙනාටම සහතික වූ බැවින් ඔවුන් දෙදෙනා මද වෙලාවක් එසේ සිටියෝ ය.. භාසුර , අග්නි මදකුදු හෝ විශ්වාස කල පුද්ගලයන්ගෙන් එක් අයෙක් විය .

'' ආ..කුමරුනි.. යමක් පැවසීමටයි පැමිණියේ...'' භාසු හදිසියේම පැවසුවේ ය .

'' කුමක්ද භාසු ? නුඹ පෙරත් පැවසීමට ගියා.. මා හට වැටහුණේ නැහැ එය...'' අග්නි පැවසුවේ කලබලයෙනි .

'' වෛශව අසපුවෙහි , මිධුනාථ නැමැති ශිෂ්‍යයෙකු සිටිනවා නොවේද ? තරමක් උස , කඩවසම්.. දක්ෂතාවන් සහිත ?? අර පෙර ජඨිල හා සටන් වැදුනේ... මා දුටුවා ඔහු මෙහි සිටිනවා.. අර සෑම විටම රවාගෙන සිටින පුද්ගලයා... ''

අග්නි සිනාසුණේය..භාසුගේ ස්වභාවය මෙලස විය. තමා පවසන දෙය අනෙක් පුද්ගලයා නිසි පරිදි ග්‍රහණය කරගන්නා තුරු ඔහු අන් කිසිවක් නොපවසයි .

'' මා මිධුනාථව හදුනනවා.. භාසු.. ඉදින් ? '' අග්නි විමසුවේ සිනාසෙමිනි. .

'' ඔහුව සටනේදි මරා දැමීමටයි ගිරි අසපුවෙහි සැලසුම වී තිබුනේ.... '' භාසු පැවසුවේ හඩ බාල කරමිනි.

'' සටනේදි ? නමුත්... මෙතරම් පිරිසක් ඉදිරියේ ? '' අග්නි විමසුවේ කලබලයෙනි..

'' හ්ම්.. දීඝ අසපුවෙහි ඔහු හා සටන් වැදි ශිෂ්‍යයාත් එයට හවුල්.. ඔබ නොදැනුවත් විය හැකියි .. නමුත් ඔහුගේ සිරුර අඩපණ වනපරිදි නිල ප්‍රහාරයක් ඔහු එල්ල කලේ එ් අනුව... '' භාසු පැවසුවේ විශ්වාසයෙනි.

ජඨිල දිගින් දිගටම මිධුනාථගේ නිල ප්‍රහාරය එල්ල වූ ස්ථානයට පහර දුන් අයුරු අග්නිට සිහිපත් විය .

♛ අග්නි ♛Where stories live. Discover now