අග්නි 7

1.9K 468 266
                                    

හිස ඔසවා බැලීමටත් පෙර ඒ අන්කවරෙකු හෝ නොව මහාමේරු පර්වතය මිධුනාථ වග අග්නි හැදින්නේ ය. ඔහු දුටු බයානකම කරුණ වූයේ මිධුනාථගේ ග්‍රහණයට නතුව පසෙකින් සිටි දෑත් බැද ඇති තරුණයායි. ඔහුගේ හිසෙහි වු තුවාලයකින් රුධිරය ගලමින් තිබූ අතර අතිශයින් පිළිවෙලව තිබූ කෙස් වැටියද පිදුරු ගොඩක් මෙන් අවුල්ව තිබුණි.  ධීර මිධුනාථටම හසුවීම අග්නි කිසි ලෙසකින්වත් නොසිතූ සැබෑ අවසනාවන්ත කරුණක් විය.

'' මා මොහුව හදුනන්නේ නෑ '' අග්නි සිය මුව විවර කිරීමට පෙර ධීර පවසා හමාර විය.

'' නිහඩවනු.. '' මිධුනාථ සිය ප්‍රචලිතම වදනින් ගිගිරුවේ ය. අග්නිගේ මතය අනුව නම් මිධුනාථ සෑම විටම වලසෙකු මෙන් ගොරවයි. අග්නි සිය වස්ත්‍රවල වූ අදෘශ්‍යමාන දූවිලි පිසදමමින් නැගී සිටියේ දසන් සියල්ල පෙන්වා සිනාසෙමිනි.

'' අද තමුන්ගේ අවසානය '' මිධුනාථ පැවසුවේ අග්නි දෙස රවා බලමිනි.

'' ඒ ඒ ? '' දෑත් බැදදමා සිටි ධීර කෙදිරිගෑවේ අග්නි දෙස බලමිනි. ඔහු සිය දෑත් මුදවා ගැනීමට අසීරු උත්සහයක් දැරුවේ ය.

'' හාහ්හා්හා.. '' අග්නි අපහසුවෙන් සිනාසුනේ ඔහුට කිසිවක් නොවැටහෙන අන්දමිනි. සැබවින්ම එය ඉහළ ගණයේ අඥාන සිනහවක් විය . මිධුනාථ හැර අන් අයෙක් එතන සිටියානම් අග්නි උමතු අඥානයෙකු ලෙස සලකා ඔහුට අනුකම්පා කරනු ඇත.. නමුත් අවාසනාවකට එහි සිටියේ සිය මතය කිසිදු දිනෙක වෙනස් නොකරන මිධුනාථම විය.

'' නිහඩවනු ! කුමක්ද තමුගේ සම්බන්ධය ගිරි අසපුව සමගින් ඇති  ? '' මිධුනාථ ගිගිරුවේ අග්නි වෙත ධීරව පෙන්වමිනි.
ධීරගේ බදවටා ඇති ලෝහිත වර්ණ බදපටියෙන් ඔහු ගිරි අසපුවෙහි යනවග මිධුනාථ වටහා ගන්නට ඇති වග අග්නිට වැටහුණි.එලෙස ලෝහිත වර්ණ බදපටිය පැළදීම සමස්ත රත්නද්වීපයේම ගිරිඅසපුවට පමණක් සීමාවූ කරුණක් විය.  සැබෑ අවසනාවන්ත කරුණ වූයේ ධීරව මිධුනාථයන්හටම හසුවීමයි. අග්නි කෙලෙසකවත් අඥාන දුගියෙකු නොවන වග මිධුනාථට ආරම්භයේදීම සහතික කරගෙන තිබුණි.

'' මා.. මොහුව...හදුනන්නේ නෑ,. '' ධීර වදනින් වදන ඇමිණුවේ ය.

'' තොපත් නිහඩවනු.. දෙදෙනාම පසුපස අන්තර් ද්වාරය අසල සතුටු සාමිච්චියෙහි යෙදෙනු මා හොදින්ම දුටුවා.. '' මිධුනාථ කෝපයෙන් ගිගිරුවේ ය. අදුරෙහිම වුවද ඔහුගේ මුහුණෙහි අනතුරුදායක සංඥා ඇදී තිබෙනු අග්නිට පෙනුණි. මිධුනාථ හා සටනකට එළඹීම මේ මොහොතේ කිසි ලෙසකින්වත් සිදු නොකළ යුතු බව අග්නි වටහා ගෙන සිටියේ ය . තමා අසිපත රැගෙන නොයන අවස්ථාවලදීම මිධුනාථව මෙලෙස හමුවීම ඔහුගේ අවාසනාවම විය. මෙවරද මිධුනාථගේ අසිපත ධීර කෙරේ වූ නමුදු අග්නි සතුව සිය අසිපත නොවී ය.

♛ අග්නි ♛Where stories live. Discover now