අග්නි 6

2K 467 427
                                    

ඇහැළ අංගනයෙහි අශ්ව ස්තාලය සදහා තවමත් නව සේවකයෙකු සොයාගත නොහැකි වූ බැවින් අග්නිහට වෛශව ප්‍රධාන අසපුවේ කුලීන කුටියෙහි මුනි පුත්‍රයන්ගේ රෙදි පිළි සේදිමෙහි පමණක් නොව අශ්ව ස්තාලයෙහි වැඩකටයුතු යන දෙකෙහිම නිරත වීමට සිදු විය. ඒ් අනුව ප්‍රධාන අසපුවෙහි සේවකයෙකු ලෙස ඔහු ලැබූ එකම උසස්වීම වැඩ දෙගුණ වීම වෙයි.

ඔහු මෙන්ම තවත් සේවකයන් කිහිප දෙනෙකු රෙදි පිළි සේදිමෙහි නිරත වුවද අග්නි ඔවුන්ගෙන් වෙන්ව වෙනමම රෙදි පිළි සේදිමෙහි නිරත විය. මුනිවරුන්ගේ රෙදි පිළි සේදිම කාන්තාවන් හට නොපැවරුණි. සුදු පැහැ රෙදි පිළි ඉගිනි යුෂයෙන් සේදිමෙන් පසු ඔහු , අතු ඔයෙහි ගල මත ගැසුවේ ය . ඉගිනි යුෂ , ප්‍රසන්න සුවදකින් හා රෙදි පිළි පිරිසිදු කිරීම් ගුණයකින්ද යුතු විය. අග්නිද සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් තෙමී ගොසින් විය. අශ්ව ස්තාලයේහි දි නම් ඔහුට රිසිසේ  විවේකයෙන් සිටීමට කාලයන් තිබු අතර මෙහීදි ඔහු උදෑසන වරුව තුළ අශ්ව ස්තාලය පිරිසිදු කිරීමත් දිවා හා සවස් කාලයේ රෙදි පිලි සේදිමත් , රාත්‍රී කාලයේ මුර සේවාවන්හිත් නිරත විය යුතු විය . අවසානයේ සැතපීම සදහා පිණිස සීමිත තුන් පැයක් පමණක් ඔහුට ඉතිරි විය.

ඔහු රෙදි පිළි පිරි ලී බදුනට ද පයින් පහරක් ගැසුවේ ය . වස්ත්‍ර පිරිසිදු කිරීම සදහා විශාල පැතලි කළු ගලේ ගැසුවේද මිනීමැරුමක් සිදුකරන අන්දමිනි. ඉදහිට විහිළුවක් කිරීමට තාලි ද ප්‍රධාන අසපුව තුල දක්නට නොවී ය. වෛශව ප්‍රධාන අසපුවෙහි සේවය කිරීම ආරම්භ කල දින දෙකෙහිදීම ඔහු සිය අසිපත හා උරණ වී සිටියේ ය . ඔහුගේ සියලු කෝපය භීෂ හෝ මිධුනාථ කෙරේ නොවූ නමුත් තමා කෙරෙහිම විය . සටනට හවුල්වීම පිළිබදව ඔහු තමා උගත් සියලුම ග්‍රාමීය අශ්ශීල වදන්වලින් අපහාස කරගත්තේ ය.  ඉකුත් දින දෙක පුරාවටම භීෂ හෝ මිධුනාථ දෙදෙනාගෙන් එක් අයෙක්වත් ප්‍රධාන අසපුව තුල දක්නට නොවුණි . තුවාල සුවවන තුරු ඔවුන් ම්‍යාන මුනිගේ ඇස නොගැටෙන ලෙස සිටිනවග අනෙක් ශිෂ්‍යයන්ගේ අදහස විය. අනෙක් ශිෂ්‍යයන් ද , අග්නි දෙස බලමින් කොදරුනු ඔහුට දැනුණි. ඔහු අසපුව තුල ගමන් කරන වතාවක් වතාවක් පාසා රාත්‍රී සටන් බිමෙහි නොසිටි ශිෂ්‍යන්හට අග්නිව පෙන්වා ඔහු සිදු කල ක්‍රියාවන් ගැන පවසනු ඔහුට නැවත නැවත ඇසෙන්නට විය.

♛ අග්නි ♛Where stories live. Discover now