අග්නි 55

1.5K 393 313
                                    

'' මා හට හැකියි එය නැවැත්වීමට.... '' භීෂ මද වේලාවකින් පැවසුවේ ය.

'' ආහ්.. '' අග්නි දැඩි බලාපොරොත්තුවකින් හිස එස වූවේ ය.

'' නුඹ මට පොරොන්දුවක් විය යුතුයි.. '' භීෂ ඍජුව නැගී සිටිමින් පැවසුවේ ය.

'' කෙලෙස ද ? පවසන්න.. මා ඕනෑම දෙයක් සිදු කරනවා... '' අග්නි කලබලයෙන් පැවසුවේ ය.

'' නුඹට එය නුදුරේදීම දැනගැනීමට ලැබේවි.. එකග ද ? '' භීෂ විමසුවේ ය.

'' ඔනෑම දෙයක්.. එය නවත්වන්න.. හෙට දින මා මිය ගියාට කම් නොවේ.. මිධුනාථ .....ඔහුව බේරන්න.. '' අග්නි ඉක්මනින් පැවසුවේ ය.

'' නුඹ මගේ පොරොන්දුව රැකිය යුතුයි.. '' භීෂ රෞද්‍රව පැවසීය .

'' මා සිදු කරනවා එය.. කුමක් වුවත්.. '' අග්නි ස්ථිරව පැවසුවේ ය.

භීෂ අග්නි වෙත සිනහාවකින් සංග්‍රහා කර සිය බදෙහි වූ කිණිස්ස පිටතට දෙවරක් නොසිතාම පපුව හරහා යන පරිදි කිදා බස්සවා ගත්තේ ය.

එය ඔහේ පපුව හරහා කිදා බැසි අතර ඔහු එය පිටතට ඇදීමට වෙහෙස නොවී ය. ඔහුගේ ස්වේත පැහැ රාත්‍රී වස්ත්‍රයන් රුධිරයෙන් පෙගී යනු අග්නි අවසිහියෙන් මෙන් බලා සිටියේ ය. ඔහුගේ දර්ශන පථයේ දකින කිසිවක් ඔහු විශ්වාස නොකළේ ය. ඔහුගේ දෑස් පිය වේගයෙන් සැලුණු අතර දෙදණ පණ නැතිවනු ද අග්නිට දැනුණි . ඔහු භීෂ වෙත දිව ගියේ ය.

'' භීෂ... කුමක් ද... නුඹ... '' අග්නිට වදන් කිසිවක් පවසා ගත නොහැකි විය. ඔහුගේ දෑසින් කදුළු ගලා ගිය අතර ඔහු භීෂගේ මුහුණට තට්ටු කළේ ය . මිගාර මිය ගිය මොහොත ඔහුගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්ට වූ අතර ඔහු කිසිවක් කරගත නොහැකි තරම් අප්‍රාණීක විය.

''  - ස්සියල්ලන්-ටම අමත-ක වූවා... ස්-ක්වල මුද්‍ර-ව ස-දහා ඇවැ-සි එක්- බි-ල්ලක් පමණක් වග...... '' භීෂ සිනාමුසු මුහුණින් එහෙත් වේදනාත්මක හඩින් පැවසී ය.

'' ඇය-ව බලා-ගන්න.. '' භීෂ මිමිණුවේ අග්නිගේ හස්තයෙන් දැඩිව අල්ලා ගනිමිනි . භීෂ සන්සුන්ව දෑස් පියාගත්තේ ය.

'' න්නෑ.. භීෂ... එපා.. මට මෙය අවශ්‍ය නොවේ.... '' අග්නි තවමත් යමක් පැවසීමට පෙර ඔහු ලානිල් පැහැ තිමිරයකින් වටව ගියේ ය. ඔහු මෙන්ම භීෂගේ ප්‍රාණය නිරුද්ධ සිරුරත් පොළොවෙන් අඩි කිහිපයක් උඩට එසවුණු අතර ඔවුන් වට සතකින් වට විය. අග්නිගේ දෑස් පියවී යනු අග්නිට දැනුණි . ඔහුගේ මනස හිස් විය. ඔහු කිසිවක් නොසිතුවේ ය. සියල්ල එක් සිහිනයක් පමණක් ලෙස ඔහු සිතුවේ ය. ඔහුගේ මැණික් කටුවෙහි වූ සලකුණ සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණ ද අග්නි හුස්ම ගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now