අග්නි 16

1.7K 405 168
                                    

උදෑසනම පංච අසපුවල තරගකරුවන් සියලු දෙනාම , සප්තකන්‍යා කදුවැටිය අසලට රැස්ව සිටියෝ ය . කදුවැටි සතකින් සමන්විත සප්තකන්‍යා කදුවැටිය අභියෙස , තාවකාලික මණ්ඩපයක් පිළියෙල කර තිබුනේ ජේෂ්ඨ මුනිවරුන්ට හා රද්කොලයන් වෙතයි. තව ද එක් එක් අසපුවල තරග කරුවන් සදහා ද වෙන වෙනම ස්ථානයන් සපයා තිබුණේ වෙයි . මෙකී තරගය ඉසව් තුනකින් සමන්විත වූ අතර , ප්‍රථම ඉසව්ව කාය ශක්තිය උරගා බැලීම විය .

අග්නිට අනුවනම් , මෙම ඉසව්වෙන් නිසැකවම මයුර හෝ ගිරි අසපු ශිෂ්‍යයන් ජයග්‍රහණය කල යුතු විය . අග්නි ගිරි අසපුව හැර ගිය අයෙකු වග තරගකරුවන් අතර ලැව් ගින්නක් මෙන් පැතිරී ගිය ආරංචිය විය . සුග්‍රීව ඇතුළු අනෙක් වෛශව ශීෂ්‍යයන්ගේ සටන් හැකියාවද සුළු පටු නොවුණි . විශේෂයෙන්ම භීෂ හා මිධුනාථ පෙර සටන් වදිනු අග්නි හොදින්ම දැක තිබුණි .

ප්‍රථමෙන් සුදුකම් ලැබීම සදහා සටන් කිහිපයක් පැවැත්වීමට ගිරි අසපු සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණි . ම්‍යාන මුනි හැර අනෙක් අසපුවල ප්‍රධාන මුනිවරුන් වූ සීශ මුනි , සුධාරක මුනි , වෙනුරාධ මුනි හා මේඝ මුනි වන සිව්දෙනාම තරගාවලිය නැරඹීම සදහා එහි සැපැත්ව සිටියෝ ය . ම්‍යාන මුනි අත්‍යාවශ්‍ය වැදගත් ධ්‍යානයක් වඩමින් සිටින වග සුග්‍රීව සන්සුන්ව සැලකිර සිටි අතර , සිය අසපුව වෙනුවෙන් සමාව ද ඇයැද සිටියේ ය .

තරමක ශක්තිමත් දේහයකට හා දැඩි පෞර්ෂයකට හිමිකම් කී වෙනුරාධ මුනිගේ ඇස නොගැටීම අග්නි සෑම විටම උත්සහ කලේ ය තමා දුටු විගස වෙනුරාධ මුනිගේ දෑස් සිහින්ව , යනවගත් ඔහු කෝපයෙන් සිය උඩු රැවුල පිරි මදින වගත් අග්නිට දැක ගත හැකි විය .

කෙසේ නමුත් ඔහුගේ පසෙකින් සිටි ධීර දෙසට ඉගිමැරීමට  ද අග්නි අමතක නොකලේ ය . ධීර ද පෙරලා අග්නි වෙත ඉගි කලේ දීඝ අසපුව දෙස බලන ලෙසයි...  දීඝ අසපුවෙහි තරගකරුවන් අතරට සියල්ලන්ගේම නෙත් යොමුව තිබෙනු අග්නිට දැක ගත හැකි විය.

'' ඔහු ද තීර්ථයේ සුලෝධජ කුමරුන් ? '' මිගාර , රුද්‍රගෙන් රහසින් විමසුවේ දීඝ අපසු ශිෂ්‍යයන් අතර සිටි ලෝහිත පැහැ දාරවලින් හෙබි අලංකාර වස්ත්‍රවලින් සැරසි තරුණයෙකු පෙන්වමිනි. දීඝ අසපුවෙහි අන් ශිෂ්‍යයන්ගේ වස්ත්‍රාභරණ හා සැලකීමේදි ඔහු සැලකිය යුතු ලෙස කැපී පෙනුණි .

♛ අග්නි ♛Where stories live. Discover now