අග්නි 29

1.6K 409 458
                                    

'' පවසන්න.. '' මිධුනාථ අග්නි දෙස හැරෙමින් පැවසුවේ තරමක් සන්සුන්වයි.
ඔහු බැරෑරුම් ලෙස අග්නි දෙස බැලුවේ වැදගත් යමක් අපේක්ෂාවෙනි .

'' කෙළ ගිලිනවා හෙම නොවේයි නේද ඔබ ? '' අග්නි එවර විමසුවේ සිය ඇඹුල් දොඩම් ගෙඩිය පසෙකට ගෙන සගවා ගනිමිනි . ඔහු සිතූ පරිදිම මිධුනාථ කෝපාන්විතව නැගී සිටියේ ය. 

'' නුඹට මගේ කෝපය විහිළුවක් ද ? '' මිධුනාථ විමසුයේ සුපුරුදු කෝපයෙනි . අග්නි එසේ නොවන වග පැවසුවේ හිස දෙපසට සලා සිනාසෙමිණි.

'' නොවේ.. නොවේ.. නමුත් එය අතිශයින් හාස්‍යජනකයි.. අමුක්කරා කරලක් මෙන් ඔබත් ටප ටප නාදයෙන් පිපිරෙනවා.. '' අග්නි පැවසුවේ නැවතත් අසුන්ගත් මිධුනාථ දෙස හැරී සිනාසෙමිනි. අග්නි සිතූ පරිදිම මිධුනාථ රෞද්‍ර ලෙස රවා ඔහු දෙස බලා සිටියේ ය.

සිනාසෙමින් සිටිය ද නොදැනුවත්වම සිය දකුණු කම්මුල දිගේ තෙත කදුළු බිදුවක් ගලා යනු අග්නිට දැනුණි. ඔහු කෙලෙසකවත් හැඩීමට අදහස් නොකල ද පෙර දෙනෙතට පිරි තිබූ කදුළුවලින් එක් කදුළක් අකීකරු ලෙස පිටතට පැන තිබුණි . මිධුනාථ එය දැකීමට පෙර ඔහු ඉක්මනින් එය පිසදා ගැනීමට සිය හස්තය කම්මුල අසලට ගෙනගියේ ද සිනාසෙමිනි. නමුත් ඒ වන විටත් මිධුනාථගේ මාපටගිල්ල සිය කම්මුලෙහි ස්පර්ශ වී හමාර වග අග්නිට දැනුණි . ඔහු විස්මයෙන් හැරී බැලුව ද මිධුනාථ සිය හස්තය ආපසු ගත්තේ ද නැත .

මිධුනාථ ස්පර්ශ කල ස්ථානයෙන් පහළට අග්නිගේ කම්මුල තෙත් නොවුණි. ඔහුගේ මහපටගිල්ල හමුවේ කදුළු බිදුව පරාජය වී නැවතී තිබෙනු අග්නිට දැනුණි. මිධුනාථගේ ස්පර්ශය ඔහු සෑම විටම සිටින්නාක් මෙන් මෙන් මදකදු දැඩි නොවුණි . අග්නිට එය නොදැනුනු තරම් වූ නමුත් ප්‍රබල ලෙස දැනෙන්ට ද විය. සිය කම්මුලෙහි මෘදුව ස්පර්ශව ඇති මිධුනාථගේ උණුසුම් සුරතින් නික්මුනු පැගිරි සුවදද අග්නිගේ නාසයට හොදින්ම දැනුණි .

'' හ්හා.. මා හැඩුවේ නැහැ.. '' අග්නි පැවසුවේ සැහැල්ලු ලෙස සිනාසීමට උත්සහ දරමිනි . සැබවින්ම ඔහු හැඩුවේ නැත. එය හුදෙක් එක් අකීකරු කදුළක් පමණක් විය. නමුත් ඔහු මිධුනාථට , ඔහුගේ හස්තය ඉවතට ගන්නා ලෙසද පැවසුවේ නැත .

♛ අග්නි ♛Where stories live. Discover now