අග්නි 46

1.7K 388 365
                                    

'' ධීර.. බොහෝ කලකින්.. '' අග්නි පැවසුවේ එපමණකි. ධීර සන්සුන්ව සිනාසී අග්නි වෙත ආචාර කළේ ය.

'' සක්වල මුද්‍රාව ජඨිල සතුයි... '' ධීර ප්‍රථමයෙන්ම පැවසුවේ ය.

'' ම්.. මා දැනුවත්... '' අග්නි හිස වනා තහවුරු කළේ ය.

'' නමුත් , ස්වාමිනි... එය අනිච්ඡානුගවම මුද්‍රා තැබිලා. කිසිවෙකුට විවෘත කළ නොහැකි අයුරින්... '' ධීර පැවසුවේ ය.

'' කිසිවෙකුට විවෘත කළ නොහැකි අයුරින් ? ඒ කෙලෙස ද ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය.

'' කමාකරන්න කුමරුනි , මා එය නොදැනුවත්... නමුත් , වෙනුරාධ මුනි එලෙස පැවසුවා... භාසුර ඒ පිළිබද සොයන වග පැවසුවා...  '' ධීර පැවසුවේ ය. අග්නි එය අනුමත කරමින් හිස සැලුවේ ය.

'' භාසු ? භාසුර සුවෙන් ද ? '' අග්නි විමසුවේ ය.

'' ඔහු සුවෙන්.. ඔහු තවමත් දීඝ අසපුවෙහි රැදී සිටිනවා... ඔහු පැවසුවා මෙය ඔබට ලබා දෙන ලෙස... '' ධීර පැවසුවේ කුඩා ඖෂධ පසුම්බියක් අග්නි වෙත ලබාදෙමිනි.

'' ඔහු පැවසුවා ඔහු ප්‍රමාද මුත් මෙය ඔබට ලබාදීමෙන් හෝ සිත සැහැල්ලු වන වග.. ඔබතුමන් නුරුපුරින් පිටවන විට රෝගාතුරව සිටි වග අපට සැලවූයේ පසුවයි.. කමාකරන්න උතුමාණෙනි.. '' ධීර පැවසුවේ ය.

'' ආහ්... එය සමාව ගැනීමට යමක්ද ධීර ? '' අග්නි සරලව විමසුවේ ය.

'' ආහ්..ධීර... අප අනුර්ධ අසපුවෙහි සිටි සමයෙහි... අප හා තවත් කව්රුන් හෝ මිතුරෙකු සිටියා ඔබගේ මතකයේ තිබේ ද ? තරමක් සුදුමැලි පෙනුමක් තිබූ ,  ම්ම්.... සුරතල් සිනහාවක් සහා ම්ම්.. සෑම විටම හැඩූ ගමන්ම වාගේ සිටි අප හා සමවයසේ අයෙක් ? '' අග්නි තමාට හැකි අයුරින් පැහැදිලි කර දුන්නේ ය.

'' අනුර්ධ අසපුවේ ? '' ධීර පෙරළා විමසුවේ අවිනිශ්චිත ලෙස දෙවුර හකුලමිනි.

'' ඔහු අප හා ශිල්ප හැදෑරුවේ නැහැ ... නමුත් ඔහු සිටියේ අනුර්ධ අසපුවේ... මා හා නිරතුරුව ක්‍රීඩා කළ ... නැතිනම් සෑමවිටම මගේ හස්තයෙහි එල්ලෙමින් සිටි ......කව්රුන් හෝ ඔබට මතක නැති ද ධීර ? '' අග්නි විමසුවේ ය.

'' කමා කරන්න ස්වාමිනි...මට අනුර්ධ අසපුව කී සැනින් සිහිපත් වන්නේ අප ගිනිදැල්වලින් බේරීමට පර්වතයෙන් පැනි ආකාරය පමණයි.. '' ධීර වරදකාරී ලෙස පැවසුවේ ය. ඔහු හඩ වෙව්ලුවේය. අග්නි සන්සුන්ව හිස සැලුවේ ය. ධීර ද තමා මුහුණ දුන් සියල්ලටම ඒ අයුරින්ම පාහේ මුහුණ දුන්නේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now