අග්නි 10

1.8K 438 184
                                    

අග්නි සිය දෑස් විවර කලේ ය . මෙවර ඔහු ගැලවූයේ අනූනමයෙන් වග ඔහුට සහතික විය හැකි විය . කුලීන අසපුවෙහි යන්තමින් නෙත ගැටුන චන්ද්‍රා ලෝකය මෙන් සෞම්‍ය වූ මනෝභවයෙහි ඇස ගැටීමට පෙර ඉක්මනින් අතුරු දහන් වීමට ඔහුට හැකි විය. ස්වකීය මනෝභවයෙහි ස්වභාවය අග්නි දැක තිබුනේ නැති වුවද අග්නිගේ මුලාධාර චක්‍රය බලවත් වූ හෙයින් ඔහුගේ මනෝභවය වටාද රතුපැහැ රශ්මි වළල්ලක් පිහිටනවග ඔහු දැන සිටියේ ය . එලෙසම සිරුරෙන් වෙනි වූ මනෝභවයන් අයිතිකරුගේ සිරුර හා සම්බන්ධව පවතින්නේ අර්ධ පාරගම්‍ය නූලකිනි. මෙකී නූල සිදී ගියහොත් මනෝභවයට නැවත සිරුර තුලට පැමිණීමට මාර්ගය සොයාගත නොහැකිව පුද්ගයලා මිය යෑම සිදු වේ . අග්නිගේ මෙකී අර්ධ පාරගම්‍ය නාළය රතු පැහැ වූයේ වෙයි. 

ඔහු දුටු මෙකී මනෝභවය ඔහුව නිසැකවම දක්නට ඇති නමුදු ඔහුව හදුනාගන්නට නොමැති වග අග්නිට නිසැක විය. කෙසේ නමුත් මෙකී ආගන්තුක පුද්ගලයාගේ මනෝභවය රාත්‍රියේ මිධුනාථගේ කුටියට ඇතුළු වීම අග්නිට තරමක ගැටලුවක්ද විය. ඔහුට අවශ්‍ය කුමක් දැයි සිතාගැනීමටද අග්නිට නොහැකි විය.

මධ්‍යම රාත්‍රිය ද ඉක්ම යමින් තිබුණි.  නැවතත් සිය මනෝභවය සිරුරෙන් වෙන් නොකිරීමට අග්නි වගබලා ගත්තේ ය . සිය දෙපසක් හිමි අසිපත ද අග්නිගේ පසෙකින් විය . ඔහු සන්සුන්ව දෙනෙත් පියාගෙන පසුවුවද ධ්‍යාන වැඩීමෙන් තොරවූයේ වෙයි. ඔහු නිහඩව කල්පනා කරමින් පසුවූවේ ය .නින්ද ඔහු අසලකවත් නොවී ය. ඔහු හොදින්ම දන්නා පරිදි මිධුනාථ තමා එක් ''අශ්ශීල, අන්වයාත දාසයෙකු'' නොවන වග හොදින්ම දැනුවත් විය. එසේ වුවද තවමත් මිධුනාථ විසින් ඔහුගේ සටන් හැකියාවන් නිසිපරිදි දැක තිබුණේ ද නැත . එලෙසම , ඔහු අග්නිව තවමත් නොරිස්සන වග ඔහුගේ නාසය පිම්බෙන අයුරින් ඔහුට පැවසිය හැකි විය . කෙසේ වුවත් මිධුනාථ සිය අදහස් වෙනස් නොකිරීම සම්බන්ධයෙන්ද පංච අසපු තුලම ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය . එබැවින් ඔහු සිය අදහස වෙනස් කරගත්තා ද විය නොහැකි විය . කෙසේ නමුත් ඔහු තමාව තෝරාගත්තේ නිසැකවම තවත් යටි අරමුණක් සිතෙහි තබාගෙන විය යුතු විය. මිධුනාථගේ නුවණද ඔහු අවතක්සේරු නොකල යුතු වූයේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now