අග්නි 18

1.5K 418 130
                                    

අග්නි , මිගාරව වත්තම් කරගෙන පැමිණෙනු ප්‍රථමයෙන්ම දුටුවේ මිධුනාථයි . එහි කුමක් හෝ ගැටලුවක් ඇති වග දුර තියාම ඔහුට වැටහුණි. ඔහුගේ නළල රැළිගැන්වෙනුත් දෑස් කුඩාව මිගාර දෙසට එල්ලවනුත් අග්නිට පෙනුණි .

මිගාරගේ මුහුණ වෙහෙසකර විය . ගිරි ශිෂ්‍යයෙකුගේ පහරින් තොල් අසල පැලී රුධිරය ගලමින්ද තිබුණි .

අග්නිගේ තත්වය දෙවෙනි නොවී ය . ඔහුගේ කෙස් වැටිය සම්පූර්ණයෙන්ම අපිළිවෙල වූ අතර , මුහුණහි හා ඇදුම්වලද මඩ තැවරී තිබුණි . ඔහු සිය වේදනාව මැඩගැනීමට යටිතොල සපාගෙන සිටියේ ය.

'' නුඹලා දෙදෙනා කුමක්ද සිදු කලේ ? '' මිධුනාථ සිය සුපුරුදු පරිදි කෝපය මුසු වුනු හඩින් විමසුවේ ය . නමුත් ඔහුගේ ස්වරයෙහි වූ කෝපාන්විත බව මදක් හෝ අඩු කර තිබුනේ ඔහුගේ වේදනාව වග අග්නිට පැවසිය හැකි විය . මිධුනාථගේ ඇස් පිහාටු වේගයෙන් චලනය වනු අග්නිට පෙනුණි . ඔහු එය මින් පෙර නුදුටුවක් විය .

මිගාර හෝ අග්නි තවමත් එකදු වදනකුදු නොපැසුවේ ය . මිගාරට බිමින් අසුන් ගැනීමට උපකාර කල අග්නි සිය නිරුපද්‍රිතව තිබූ අතින් ලබු කැට ජල බදුන මිධුනාථ වෙත ලබා දී , ඔහුට එය පානය කරන ලෙස ඉගි කලේ ය .

ජල බදුන දෙස බැලූ මිධුනාථගේ ඇහිබැම රළු විය . අග්නිගේ ජල බදුන නොසලකා හැරි මිධුනාථ ඍජුවම අග්නි විසින් පිටුපස සගවාගෙන සිටි සුරතෙහි මැණික් කටුව ආසන්නයෙන් මෘදුව අල්ලා ඉහළට එස වූයේ ය .

අග්නි මෙවරත් වැරදි විය . තමා ජල බදුන ලබා දීමට සිය සුරත වෙනුවට අනෙක් හස්තය භාවිත කරනු මිධුනාථට වැටහී යන්නට ඇත. මිධුනාථ සැබවින්ම සෑම විටම දැඩි විමර්ශනයෙන් පසුවිය .

අග්නිගේ සුරතෙහි දෑගිලි පණ නැති ස්වභාවයක් ගත් අතර , සම්පූර්ණ පිටි අල්ලම දම් පැහැ ගැන්වී තිබුණේ ය . සම්පූර්ණ හස්තයම මඩින් නැහැවී ගොසින් තිබුණ අතර තවමත් සියුම්ව වෙව්ලමින් තිබුණි .

මිධුනාථ අග්නිගේ මුහුණ දෙස බැලුවේ විස්මය හා කෝපය මුසු වුණු කියවාගත නොහැකි සංකීර්ණ බැලමකිනි.  නමුත් වාසනාවකට අග්නිගේ මුහුණ මිධුනාථ මෙන් සියලු හැගීම් පෙන්වන කැඩපතක් නොවුණි.. තමාට රිසි පරිදි සිය මුහුණ වෙනස් කිරීමේ හැකියාව අග්නිට පිහිටා තිබුණි . අග්නිගේ මුහුණින් වේදනාවක සේයාවකුදු නොපෙනුණි. එය හුදෙක් වෙහෙසකර බව පමණක් විය. තමා මෙසේ සිටීම පිළිබද අග්නිට පුදුම සහගත විය . සාමාන්‍යයෙන් මෙවැනි වේදානාවක් දැනුණු විට  සප්තකන්‍යාව දෙදරා යන පරිදි කෑගසා හැඩීමට ඇවැසි විය . නමුත් ඔහුගේ මුවින් කිසිදු හඩක් පිට නොවුණි . හස්තයෙන් නැගෙන වේදනාව ඔහුව ඇතුළාන්තයෙන් ඇගුළු දමා තිබුණි .

♛ අග්නි ♛Where stories live. Discover now