අග්නි 30

1.7K 417 289
                                    

අග්නි , කුඩා ශිලාමය ජල පොකුණේ පතුලටම කිමිදුනේ ය. එහි ගැඹුර ඔහුට ගිලීමට තරම් ප්‍රමාණවත් විය. ඔහු හුස්ම හිර වී ශ්වසනය අපහසුවන තුරුම ජලය තුල සිටියේ ය. හුස්ම හිරවීමෙන් දැනෙන වේදනාව , ජලය නාසයෙන්  ඇතුළු වීමෙන් දැනෙන දැවිල්ල ඔහුට සහනයක් විය. ඔහු ජලයෙන් පිටතට පැමිණ පොකුණෙන් ගොඩ වී එහි ශිලා බැම්ම මත අසුන් ගත්තේ සිය සිරුරෙහි තෙත් ගතිය වියළි යන තුරුයි . ඔහු සිය පාදයෙන් ජලය අවුස්සමින් ජලයට ප්‍රහාර එල්ල කිරීමට ද අමතක නොකලේ ය.

ඔහු තමා පෙර ඇද සිටි වැරහැලිව ගිය අළුපැහැ ඇදුම් වෙනුවට , ශිලා පොකුණ පසෙකින් නවා තිබූ දීප්තිමත් පලා කොල පැහැ වස්ත්‍ර දෙස බැලුවේ ය. අනතුරුව ඔහු පැතලි ගල මත වැතිරුනේ දෑස් නිදහසේ පියාගනිමිනි . සිය සිරුර වියළී යනතුරුම ඔහු එලෙස දෑස් පියාගෙනම සිටියේ ය. රාත්‍රී සීතල ඔහුට දැඩිව දැනෙන්ට වූ නමුත් අග්නි එය නොතැකුවේ ය.

ඔහු හරිත පැහැ වස්ත්‍රවලට මාරු වී තමාගේ පෙර ඇද සිටි වස්ත්‍රවලද ජලය මිරිකා දැම්මේ ය. වෛශව අසපුවෙහි සිටය දී මුනිවරුන්ගේ රෙදි පිළි සේදීමෙන්ම අග්නිට දැන් එය පුරුද්දට ගොසින් තිබුණි . අග්නි සෙමින් කැළඹෙමින් පොකුණු ජලයෙන් පෙනුණු පෙනී නොපෙනී යන තමාගේ ප්‍රතිබ්මබය දෙස බලා සිටියේ ය. මද චන්ද්‍රා ලෝකය වැටීමෙන් ජලය දිලුසුණි.
තමා පෙර හැද සිටි මැලවුණු අළු පැහැය මෙන් නොව මෙකී හරිත පැහැ වස්ත්‍රවලට තමාගේ පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වග අග්නිට වැටහුණි .

සිය තෙත කොණ්ඩය ඉදිරිපසින් දෑසින් අඩක් ද වසාගෙන මුහුණ මතට වැටී තිබුණ ද අග්නි එය නොතැකුවේ ය. ඔහු සිය දිගු කොණ්ඩයෙහි වූ ජලය තරමක් හෝ ඉවත්වන පරිදි හිස දෙපසට සෙලෙව්වේ ය. ඔහුගේ හිසකෙස් ද අකීකරු ලෙස ජලය ඉසිමින් චලනය වී , නැවතත් නළල මතම පතිතවනු අග්නිට දැනුණි .

නිසැකවම ඔහුට ලැගුම්හල තුල කුටියක් වෙන්කොට තිබුනද වරක් හෝ අග්නි එතුලට නොගියේ ය. මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබූ අතර , කෙළවරේම වූ මිධුනාථගේ කුටියෙහි පහන් නිවා දමා ඇතිවග ද අග්නි දුටුවේ ය. ඒ දෙස බලා රවා අග්නි ඍජුව අශ්ව ස්තාලය වෙත ගියේ නිදහසේ සැතපීමට සිතාගෙනයි . අද උදෑසන ද මිධුනාථ ඔහුව අවදි කලේ ය. අග්නි එයට ද මිධුනාථට බැන වැදුනේ ය. අග්නිට අනුව මේ මොහොතේ ගසක් පෙරළුණ ද , සුළගක් හැමුව ද , ඈත වසු පැටවෙකු '' උම්බෑ '' යනුවෙන් හඩතැලුව ද  සියල්ලටම වග කිවයුත්තා මිධුනාථ විය.

♛ අග්නි ♛Where stories live. Discover now