අග්නි 32

1.6K 399 186
                                    

අනුර්ධ අරාම ප්‍රාසාදය තරමක් වනගතව පිහිටියා වූ අතර දස වසරක අවෑමෙන් එය වඩාත් වනය විසින් ගිලගෙන තිබුනේ වෙයි. එදා කුඩා පැළද අද වනවිට විශාල වෘක්ෂයන්ව ගොසින් ඇති වග අග්නිට පැවසිය හැකි විය. ඔහු වියළි පත්‍ර හැලී අපවිත්‍රව ගොසින් තිබුනි වූත් , මැකී ගිය දැලි සටහන් ද වූත් අනුර්ධ ආරාම පිවිසුම් ද්වාරය ඉදිරිපසට වී එදෙස මිනිත්තුවක් දෙකක් පමණ බලා සිටියේ ය. රුද්‍ර සහ මිගාර දෙදෙනාම ඒ වන විටත් එකී ශිලා ද්වාරයෙන් ඇතුළු වී හමාර විය.

අග්නි ද්වාරය තුළට පය තැබීමට පෙර බිමට නැඹුරු වී යමක් ඇහිද ගත්තේ ය. කොළ රොඩු අතර සැගව තිබුණ ද පිළිස්සී ගිය ඝන පත් ඉරුව අග්නි හැදින්නේ ය. එම වර්ගයේම පත් ඉරු තැනින් තැන විසිරී තිබෙනු ද අග්නිට දැක ගත හැකි විය. සිය නිරුපද්‍රිත දෑතෙහි වූ පත් ඉරුව ගුලිවනු අග්නිට දැනුණි . එය ඉබේම දුහුවිල්ලක් බවට පත්ව යන තරම්ම පැරණි විය. ඔහු ශිලා පඩිපෙළ මතට පය තැබී ය. ඔහුගේ පියවර බරැති විය . සම්පූර්ණ පියගැටපෙළ නැග අවසන් වන තුරුම අග්නි අසාමාන්‍ය අයුරින් නිහඩ විය.

'' වාහ්.. මෙය ද අනුර්ධ අාරාමය.. දැනදු මෙලෙස නම් පෙර කෙලෙස තිබෙන්නට ඇත් ද ? '' මිගාර විමසුවේ විස්මයෙනි.

වන වැදී තිබුන ද , පැරණී ශිලා පොකුණුවල ජලය ද ජලමල් ද එසේම විය. ගින්නෙන් දැවී තිබූ පොළොවෙහි වූ අගුරු තවමත් පයට පෑගුණ ද අගුරු පොහොරක් කොටගෙන පැළවී ඇති ඉපල් ගස් ද බොහේ විය. තමා සුන්දර ආරාමය වඩා කුඩා දරුවෙකු ලෙස දිවගිය අයුරු සිහිපත් වී ඔහුගේ දෙනෙතට නැගෙන කදුළු නවත්වා ගැනීමට අග්නි උත්සහ කලේ ය.

ඔහු පියවරක් හෝ තිබීමට පෙර මිගාර විසින් ඉහළට කර බැද තිබූ තරමක කොට අකීකරු කොණ්ඩය නැවත සිය නළල මතට පතිත වනු අග්නිට දැනුණි . ඔහු හිස ඔසවා බැලු විට සිය හිසකෙස් බැද තිබූ පළදනාව මිධුනාථගේ සුරතෙහි වූ වග අග්නිට දිස් විය . නමුත් අග්නි කිසිවක්ම නොපැවසුවේ ය. සිය කොණ්ඩය නළල මතට වැටුනු විට සිය දෑස්වල කදුළු කිසිවෙකුට නොපෙනීම ද ඔහුට සහනයක් විය. ඔහු නළල මතට පතිත වූ කෙටි කොණ්ඩය එලෙසම තිබෙන්නට හැර ඉතුරු දිගු කොටස නැවතත් ඉහළට කර බැද ගත්තේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now